දෛනික කොවිඩ් මරණ 200 ඉක්මවා නැවතත්.

31 වන දා කොවිඩ් මරණ 215ක්  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

එම මරණ 215ත් සමග මේ වන  විට මෙරට තුළින් වාර්තා වී ඇති සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 9,400ක් දක්වා ඉහළ ගොස් ඇත.

එම මරණ 215 අතර කාන්තාවන් 100 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 115 දෙනෙකු විය.

අවුරුදු 60 වැඩි 167ක්, අවුරුදු 30ත් 59ත් අතර 46ක් සහ අවුරුදු 30ට අඩු දෙදෙනෙක් එලෙස මියගිය පිරිස් අතර වේ.

Exit mobile version