දෛනික කොවිඩ් මරණ 202යි. 05ක් අවුරුදු 30ට අඩු පුද්ගලයින්

කොවිඩ් මරණ 202ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තඑහවුරු කර ඇති අතර එම මරණ 02 වන දා තහවුරු කර ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර ඇත්තේ මෙම මරණ 202න් 89 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 113 දෙනා පිරිමි පුද්ගලයින් බවයි.

මෙම මියගොස් ඇති පිරිස අතර 60 හෝ ඊට වැඩි 155 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30ට අඩු පුද්ගලයින් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු හා කාන්තාවන් තිදෙනෙක් ලෙස 05 දෙනෙකු ඇත.

එසේම මියගිය පුද්ගලයින්ගෙන් 42 දෙනෙකු අවු. 30 – 59 අතර වන බවත්  සෞඛ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

Exit mobile version