රෝහල්වල සිටින සුළු සේවකයන්ගෙන් අති බහුතරයක් දෙනා යනු දේශපාලන පත්වීම් වන අතර ඔවුන්ගෙන් අති බහුතරයක් දෙනා නුගත් රාජ්‍ය සේවකයන් බව කවුරුත් දන්නා රහසකි. එවන් පසුබිමක් තුල දොස්තරලාට දෙන දීමනා ලබාගැනීමට රෝහල් සුළු සේවකයන් උද්ඝෝෂණය කරන ලදී. එපමණක්ද නොව ඔවුන් නිසා දොස්තර මහතෙකු බන්ධානාගාරයටද ගියේය.
කරාපිටිය රෝහලේ එම විශේෂඥ වෛද්‍යවරයා රිමාන්ඩ් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මාධ්‍ය හමුවක් කැඳවා දැඩි තීරණයකට පැමිණීමට තීරණය කරන ලදී. එහිදී අනාවරණය වුයේ කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවේ විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා මෙම සිද්ධිය හේතුවෙන් කලකිරීමට පත් ව විශ්‍රාම යාමට තීරණය කර ඇති බවත් මේ වන විටත් එම ලිපිය සෞඛ්‍ය අමාත්‍යංශය වෙත යොමු කර ඇති බවත් ය.
එහි දී විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා පළමුව පොලීසියට කළ පැමිණිල්ල සම්බන්ධයෙන් පොලීසිය නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට ද එම සංගම් චෝදනා කළේය.
පිළිකා වාට්ටුවේ වර්ජනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සහ වෛද්‍යවරයාට තර්ජනය කර පහර දීමට තැත් කිරීම සම්බන්ධයෙන් ආයතන මට්ටමින් සහ පොලීසියෙන් නිසි ක්‍රියාමාර්ග නොගත හොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව මෙම සංගම් ප්‍රකාශ කළේය.
කෙසේ නමුත් දැන් එම වටිනා විශේෂඥ වෛද්‍යවරයා රටට අහිමි වනු ඇත. එයට වග කිව යුත්තේ , දොස්තරලා වෙන්න හදන උගත් රෝහල් සුළු සේවකයන් හෝ දේශපාලඥයන්ගේ නිවෙස් වල බැල මෙහෙවරකම් කල රජයේ රැකියා ලබා ගත් නුගත් රාජ්‍ය සේවකයන් නොවේ. දුර දිග නොබලා කටයුතු කල අමනෝඥ පොලිසීයයි. වගකිව යුත්තේ අදාළ පොලිසියේ ස්ථානාධිපතිවරයා ය. මෙවැනි සිද්ධීන්වලදී කටයුතු කළ යුත්තේ දැඩි සංයමයකින් වන අතර, ගැටුම් නිරාකරණය කිරීම නිසි ලෙස නොකිරීමේ ප්‍රතිපලය තවත් අර්බුධ ගණනාවක්ම නිර්මාණය කර තිබේ.
කෙසේ වුවත් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ අතෝ බහුතරයක් ස්ථානාධිපතිවරුන්ද නුගත් මෙන්ම, දේශපාලන නායකයන්ගේ ලිපිවලින් පත්වීම් ලද්දෝ වෙති. ඔවුන් ද නුගත් සහ අදක්ෂ බැවින්, දේශපාලන නායකයන් පසුපස ගොස් තම තත්වයන් සැකසීමට උත්සාහ කරති. එහි ප්‍රතිපලය ලෙස රටේ ජනතාව ලබනුයේ මෙවැනි විනාශයන් සහ ගැටුම් පමණි.