ද  ෆිනෑස් ආයතනය විනාශ කලේ මහ බැංකුව. ලංකාවට මහා බැංකුවක් කුමකටද?. මහා බැංකුව එම ආයතනයේ දේපල මංකොල්ලා කන්නයි හදන්නේ.

සමස්ත ශ්‍රී ලංකාවම බිමට සමතල කර දැමුවේ ශ්‍රී ලංකා මහා බැංකුවය. එසේ අපව විනාශ කර දැමු මහා බැංකුවේ අධිපතිවරු, අධ්‍යක්ෂකවරු මෙන්ම බලය ඇත්තන්ගේ දූෂිත වගකීම විරහිත ක්‍රියාවලියට අනුව ශ්‍රී ලංකාවට මහා බැංකුවක් අවශ්‍ය නැතිබවද පැහැදිලිය. සමස්ත ජනතාවම විනාශ කර, ජනතාව මහපාරට ඇද දැමු ශ්‍රී ලංකා මහා බැංකුව රටේ ප්‍රමුඛ පෙලේ මූල්‍ය ආයතනද විනාශ කල බවට චෝදනා එල්ලවීම සාධාරණය. එහි වරදක් අපට නොපෙනේ . එම දූෂිත මහා බැංකුව විසින් “ද  ෆිනෑස්” ආයතනය කඩා වැටීම පිලිබදව සම්පූර්නයෙන්ම වගකිව යුතු බව තැන්පත් කරුවන් සුරැකිමේ සංවිධානයේ ලේකම් අයි. ඩි. කේ ශාන්ත සහ පුත්තලම් දිස්ත්‍රික්කයේ සංවිධායක ඩික්සන් කබ්රාල් මහතා සමග මාධවේදී චමුදිත සමරවික්‍රම මහතා සිදුකල අනතර් ජාල සාකච්ඡාවෙදී අනාවරණය විය.

සෙලින්කෝ සමුහ ව්‍යාපාරයේ කඩාවැටීමත් සමග ශ්‍රී ලංකා මහබැංකුව අධ්‍යක්‍ෂක මණ්ඩලයක් පත් කර “ ද  ෆිනෑස් ආයතනය ඔවුන් යටතට පවරගන්නා අතර ඔවුන් පත් කෙරු දුර්වල අධ්‍යක්‍ෂක මණ්ඩලය දුර්වල කලමනාකාරිත්වය නිසා මෙම කඩා වැටීම සිදුවූ බව මොවුන් පවසන ලදී. කොතලාවල මහතා සභාපතිව සිටි කාලයේ අධික ලාභ ලබමින් තිබු මෙම ආයතන දේශපාලනික පටු අරමුණක් උදෙසා මහබැංකුව පවරා ගැනීමෙන් පසුව මේ සියලු කඩාවැටීම් සිදුවූ බව ඔවුන් වැඩිදුරටත් පවසන ලදී.

මෙම ආයතන වැඩිපුරම ලාභ ලැබුයේ දේපළ වෙළදාමෙන් වන අතර මහබැංකුව මුලින්ම සිදු කරේ එය නවතා දැමීමයි. එසේම ලලිත් කොතලාවල මහතා සිටි කාලයේ ලංකාව පුරා ව්‍යාප්තව ඇති “සක්සස් කොලේජ්”  නැමැති ව්‍යාපෘති සදහා ණයක් වශයෙන් ලබාදී ඇති කිසිදු මුදලක් අයකර ගැනීමට කටයුතු නොකරන ලද බවද ඔවුන් චෝදනා කරයි. මෙසේ බලන කල මේවා “ද ෆිනෑස්” ආයතනය විනාශ කිරිමට හිතාමතා සිදුකල කටයුතු බවද ඔවුන් සදහන් කරන ලදී.

දැනට වසා ඇති මෙම ආයතනය නැවත භාර ගැනීමට ආයෝජකයන් කැමැත්ත පළකල නමුත් ශ්‍රී ලංකා මහබැංකුව එයට අවස්ථාව ලබානොදේ.එයට හේතුව  ලෙස ඔවුන් පවසන්නේ  මෙය ඈවර කර ලංකාව පුරා ඇති  ආයතන සතු ඇති විශාල වටිනාකමකින් යුතු දේපල සියල්ල ලංකා මහබැංකුව වෙත පවරා ගැනීමයි.නමුත් මෙය ඈවර කරහොත් ඒ සම්බන්දව කටයුතු කල අයට රජයට සේවකයන්ට තැම්පත්කරුවන්ට රක්ෂණ අරමුදලේ පාර්ශවයන්ට කොටස්හිමියන්ට යන සියලු පාර්ශව සදහා මුදල් ගෙවිය යුතුය.නමුත් ඈවර කිරීමකින් මේ සියල්ල සිදුකළ නොහැකි බව තැන්පත් කරුවන් සුරැකිමේ සංවිධානය  ලේකම් අයි. ඩි. කේ ශාන්ත මහතා පවසන ලදී.

ද  ෆිනෑස් ආයතනය කඩා වැටීම සම්බන්දයෙන් වගකිව යුතු ප්‍රධාන හේතු සාධකය  වන   ශ්‍රී ලංකා මහබැංකුව අත්තනෝමතික ක්‍රියාකලාපය නවතන ලෙසත් ඔවුන්ට  නිතිමය වශයෙන් නිසි දඩුවම් ලබා දිය යුතු බව මොවුන් අවසන් වරට පවසන ලදී.

Exit mobile version