මේ දිනවල කතාබහට ලක්වන තිලිණි ප්‍රියමාලි සම්බන්දයෙන් හිටපු ගුවන් හමුදා නිලධාරී වරයෙක් වන කිර්ති රත්නායක මහතා සමාජ මාධ්‍ය ඔස්සේ තිළිණිගේ පියා පිළිබඳ විශේෂ හෙළිදරව්වක් අනාගත යෙදී සිදුකර බව පවසා තිබේ. ඒ පිළිබද දැනගනිමට ජේෂ්ඨ මාධ්‍යවෙදී චමුදිත සමරවික්‍රම මහතා ඔහු සමග සිදුකල සාකච්ඡාවේදී පහත කරුණු අනාවරණය කරන ලදී.
ඔහු ප්‍රථමයෙන් පවසා සිටියේ මේ හෙළිදරව්ව සිදුකරන්නේ මා සතුව ප්‍රබල සාක්ෂි 3 තබාගෙන බවයි. ඒ අනුව ප්‍රථම සාක්ෂිය ලෙස පසුගිය JVP කැරැල් සමයේ සාමාන්‍ය පුද්ගලකුට පහසුවෙන් ලබාගත නොහැකි බලගතු විදේශ ඔත්තු සේවාවක සහයෙන් මෙරටින් පැනගැනීමට අවස්ථාව ලබාගන්නවා. ඒ වාර්ථාවට පවුල් පසුබිම ඔහුට එරෙහිව ඇති චෝදනා ඔහුගේ ක්‍රියාකාරකම් ඇතුලත් වේ. කිර්ති රත්නායක මහතා විදේශ ගත්විමකදී ඒ වාර්තාවේ දකිනවා.දෙවන සාක්ෂිය ලෙස අත්තඩංගුවට ගත් තිලිණි ප්‍රියමාලි සම්බන්දයෙන් ඉදිරිපත් වූ ප්‍රභල චරිත 2 ඔස්සේ මේ සම්බන්දව දැනගන්නා ලදී. තෙවන සාක්ෂිය ලෙස ඔහුගේ මව මුණගැසී කරුණු සොයාගත් බව පවසන ලදී. ඒ අනුව ඔහුගේ පියා වන්නේ ජ.වී .පෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ ඔහු මෙහිදී පවසන ලදී.
කිර්ති රත්නායක මහතා පවසන ආකාරයට තිලිණි ප්‍රියමාලිගේ මවගේ ප්‍රථම විවාහය සෝමවංශ අමරසිංහ වන අතර ඇයගේ දියණිය තිලිණි ප්‍රියමාලි වන වේ. ඔහු ජීවත්ව සිටින කාලයේ ඔහුගෙන් දියණියට දැවැන්ත මරණ තර්ජන පැමිණි ඇති අතර වර්තමාන විවාහයෙන්ද දියණියට ප්‍රශ්න රැසක් තිබෙන නිසා මේ හෙළිදරව්ව ඇයට ප්‍රසිද්ධ මාධ්‍යයක සදහන් කල නොහැකි බව ඔහු පවසයි.
එසේම මේ දිනවල සමාජ මාධ්‍ය වල ඉතා ප්‍රබල මාතෘකාවක් වන කිර්ති රත්නායක මහතා තිලිණි ප්‍රියමාලිගේ මුදල් වංචාවට සම්බන්ද ඉසුරු බණ්ඩාර සමග කල දුරකථන සංවාදයක හඩපටයේ ඇත්ත නැත්ත පිළිබද මාධ්‍යවෙදී චමුදිත සමරවික්‍රම මහතා ඉදිරපත් කල පැනයට ඔහු ලබාදුන්නේ මෙවැනි පිළිතුරකි. “මේ වංචාවට සම්බන්ධ ප්‍රධාන විත්තිකරුවන් බැලීමට ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයන් පැමිණේ. දයාසිරිද එසේ පැමිණි කෙනෙකි. ඔහුට මේ පිළිබඳ විස්තර පවසන්නේ දැනට බන්ධනාගාරය තුල සිටින ජෙරාජ් සහ රාජපක්ෂ ඝාතනය සම්බන්දයෙන් සැකකරු වන ලක්ෂ්මන් කුරේ” ඔහු පවසයි.
ඔහු අවසන් වරට අනාවරණය කරන ලද්දේ රටම හෙල්ලූ ව්‍යාපාරයක හිමිකාරියක් වන ප්‍රියමාලිගේ ව්‍යාපාරය ජානකී හරහා රාජපක්ෂ පවූලේම කෙනෙක් වන වලව්වේ හාමු නමැති පුද්ගලයා විසින් කොල්ලකෑ බවයි.