අද උදේම මගේ රැකියාවේ පළමුම කාර්යය වුණේ රෝහලට ගිහින් අළුතින් දරුවකු ලැබුණු අම්මයි,අළුත ඉපදුණු දුවයි නිවසට ඇරලන එක.පියාට වාහනයක් නැති නිසාම මම උදෙන්ම රෝහලට ගියා.දවල් දවසේ තිබුණ වැඩ අතර ඇෆ්ඝනිස්තානේ සිට පැමිණි පවුල් දෙකක්..එක පවුලක දුවලම පස් දෙනෙක්.වැඩිමහල් දුව ව්‍යාපාරිකාවක් හැටියට නැගී ආ කෙනෙක්.ඊලඟ පවුලේ අළුත බැඳපු ජෝඩුවක්.සැමියාට 25 යි බිරිඳට 21 යි.බිරිඳ ගැබිණියක්.වෙනදට පිරිමිම එක්ක රාජකාරී තිබුණු මට යුක්‍රේනයේ සිට සරණාගතයන් එන්නට පටන් ගත්තට පස්සේ ඇත්තෙන්ම කාන්තාවෝ එක්ක වැඩකරන්න ලැබුණා.යුක්‍රේන කාන්තාවෝ බොහොම දැඩි,එහෙත් සුහද දැන උගත්කම් වලින් අනෙක් රටවලට කාන්තාවනට වඩා ඉදිරියෙන් ඉන්න අය.ලස්සනට අඳින,තමන් කැමති කෙනෙක් එක්ක පාටි දාන..සැහැල්ලු ගතිගුණත් ඇති අය ඉන්නවා.කොහොම නමුත් කාට වීරයෝ වෙන්නත් දුක් උහුලන්නේ ගැහැණු..ධනුෂ්කගේ සිද්ධියේදී, නිර්මාණිගේ මරණයේදී ගැහැණිය නොමරා මරමින් තළු මරණ සමාජය මාව සති දෙකක් තිස්සේ කම්පනයට පත් කළා..ධනුෂ්කගේ කොන්ඩම් අපලේ දුරුවෙන්න එයාගේ අම්මා කැස්බා පැටව් මුහුදෙන් අල්ලලා මුහුදට මුදාහරින එකට ගොඩක් ජනතාව කඳුළු සලලා තිබුණා.බෙල්ලෙන් අල්ලලා සහෝදර නිලධාරිණියන් ජීප් එකට දාපු ප්‍රචණ්ඩත්වය අපි දුටුවා..පොලිස් කාන්තාවෝත් ගැහැණු හැටියට ගැහැණියක උද්ගොෂණයට එන්නේ ඇයි කියන කරුණ නිසාමදෝ ඔවුන් පිරිමි ටික වගේ ආක්‍රමණකාරී ව හැසිරුණේ නැහැ.ඒ නිසාම නිලධාරියා බෙල්ලෙන් අල්ලා විසිකරන තැනට පත්වෙනවා. ගැහැණියට ලැබෙන දහසක් ප්‍රතිචාර මැද්දේ මටත් පෞද්ගලිකව කණ්ඩායම් වල කරපු මෝඩ චුං ටිකක් කොපි වෙලා ආවා..මේ අතරේ අද අය-වැය නිකුත් වුණා.අය -වැයට දායක නොවී සැප විඳින දේශපාලුවෝ හැරුණු විට මට මතක් වුණේ මගේ රටේ ගැහැණිය..ගැහැණිය ගැන එහෙම මතක් වෙන්නම මේ කරුණු ගොඩාක් හේතු වුණා වගේම ඩයනා …එයත් ඉතින් අපිට මාතෘකා ගෙනත් දෙනවා..
කොහොම නමුත් ලංකාවේ ගැහැණිය,තමා අයත්වන සමාජයේ ගැහැණිය ගැන මීට වඩා කුහක හා ඉර්ශ්යාවෙන් තොර මානසික ස්ථාවරත්වයක් සාදාගත යුතුයි යන්න අපේ කාන්තාවෝ සමග වැඩ කරනකොට දැනෙන දෙයක්.අපි සමාජයේ අප වෙනුවෙන් හඬ නගන ගැහැණියට වෛර කරනවා.හිරුණිකා දැන් නම් පාර හිටියා කියලා හිතෙනවා වුණත් ,එයා කරපු වැඩකොටසට වෛරකරනවා.නිර්මාණිට වෛර කරනවා.නළු නිලියෝ රඟපෑම කරන බව දමිතාගෙන් රන්ජන් ගෙන් සපථ වුනත් දමිතා මොකක් හරි වැඩක් හැටියට කරපු දේට වෛර කරනවා.වැඩ කරන්නේ නැතිව පැත්තකට වෙලා ඉන්න චරිත උස්සලා,,වැදගත්කම් ගැන කථා කරනවා.ලංකාවේ ගැහැණිය තමන් ගැන ආත්මාභිමානයෙන් යුතු තක්සේරුවකට ඇවිත් ඔළුව කෙලින් තියාගෙන පාරේ ඇවිදින්න නම්..තමන් අනිත් ගැහැණිය ගැන තියෙන කුහක ඊර්ෂ්‍යාවට මානසික ප්‍රතිකර්මයක් ඕන බව වටහා ගන්න ඕන.මේ කරුණ දැරිවියක් මේ ලෝකෙට බිහි කරන අම්මෙක් වටහා ගන්නම ඕන,තමන්ගේ දුවට ලස්සන ඇඳුමක් අරන් දීලා,අල්ලපු ගෙදර කෙල්ලට ඔය වගේ ඇඳුම් ලැබෙන්නේ නැහැ කියලා තමන්ගේ දරුවාගේ මනස අනිත් ස්ත්‍රිය කෙරෙහි ඇතිවන තරඟය හා තමන් උසස්යයි අනුන් පහත් යයි කියන අත්තුකංසන ,පරවම්මන මානසික තත්ත්වය නැතිකරන්න අපිට උවමනාවෙන්ම සමාජයේ වැඩක් තියෙනවා.ඒ වැඩේ හැම ගැහැණියකටම තියෙනවා. එහෙම නැතිව කොහොමද මේ ගමන යන්නේ.
යුරෝපීය සමාජයේ ගැහැණිය බොහෝ දුරට මේ කුහක ඉසව්ව ජයග්‍රහණය කරලා තියෙනවා.එහෙම නොවුණා නම් අපි පිට රටවල සිට ඇවිත් මේ රටවල දේශපාලනය කරනකොට අපිට චන්දෙ නොදී ඉන්න ඕන..අපිට තනතුරු නොදී ඉන්න ඕන.මේ සමාජය තුළ ගැහැණිය විඳින ඒ මානසික නිදහස .. මෙහෙම කියන්න පුළුවන්…තමන් තමන්ට බරක් නොවිච්ච නිදහසක්..තමන් තමන්ට බරක් නොවනවානම්..ඔබට පවිත්‍රව අනෙකා ගේ දක්ෂකම,ජයග්‍රහණ භුක්ති විඳිය හැකියි.තමන්ගේ හිත රිදවාගන්නේ නැතිව අනෙකාගේ ජයග්‍රහණයට සුබ පැතිය හැකියි.අනෙකා මියගියවිට ” හොඳ වැඩේ” නොකියා සහකම්පනයෙන් යුතුව සුබ ගමන් පැතිය හැකියි.තමන්ගේ මිතුරු ලැයිස්තුවේ ඉන්න සුන්දර ගැහැණියක් තමන්ගේ පොටෝ එකක් පළකලාම මමත් එකක් දානවා කියන තරඟයට නොයා සිටිය හැකියි..මේ මානසික තත්ත්වය ලංකාවේ අපි කාන්තාවෝ හැටියට අපේ දුවලට පරම්පාරවෙන් උරුම කරලා දෙන එක නවතන්න උත්සාහ කරන්න අවශ්‍යයි.ඒ අවශ්‍යතාවය පැන නැගෙන්නේ..අන් කවරදාකටවත් වඩා අද..අපේ රට නැත්තටම නැතිවෙලා තියෙන අද..මම එහෙම කියන්නේ පහත හේතු නිසා..
ලංකාවේ කාන්තා ජනගහනය 52%යි.කාන්තා චන්දදායකයෝ සංඛ්‍යාව 56% යි.හැබයි පාර්ලිමේන්තු නියෝජනය 5%.
ලංකාවේ විශ්වවිද්‍යාලවල සිසුවියන් සංඛ්‍යාව 70% ට වැඩියි.රජයේ සේවයේ නිලධාරීන්ගේ සංඛ්‍යාව 80%යි.ඒ අංශ තුළ ගුරු වෘත්තීය,හෙද වෘත්තීය හා රජයේ සේවයේ පරිපාලන සේවකයන් ඊටත් වඩා වැඩි ප්‍රතිශතයක් කාන්තාවන්.වෛද්‍යවරියන්..පොලිස් සේවය ගුවන් තොටුපල,වෙළඳ සේවිකාවන් ,සනීපාරක්ෂක සේවා වල..මේ හැම තැනකම කාන්තාවන් තමයි වැඩි.ගෘහණිය කියන්නේ ලංකාවේ 100% කාන්තාවන්.යුරෝපයේ පිරිමි ගෘහණිය හෝ ගෘහයේ පිරිමියා යන චරිතයට දරුවෙකුගේ කාලයේ සිට පුහුණු කරනවා.
ඊළඟ වැදගත්ම දේ තමයි වතුකරයේ කාන්තාවන් ටික තමයි අදටත් තෙල් ගත්ත ඉරානයට ණය ගෙවන්න හිලව්වෙන තේ නිෂ්පාදනයට දායක වෙන්නේ.”සිලෝන් ටී ” කියන බ්‍රෑන්ඩ් එක කාන්තාවන්ගේ දහදිය මහන්සිය,කාන්තාවන්ගේ දරාගැනීමේ ශක්තිය එක්ක ඇති වෙච්ච දෙයක්..ලංකාවේ ඇපරල් වලට ඉන්දුනීසියාව හා බංග්ලාදේශේ නිෂ්පාදිත නම් යෙදුවත්, ඒ එන හැම ඩොලරයක්ම ඔවුන්ගේ ඩොලර්…මැද පෙරදිග සේවිකාව…අයවැය පියවන..ණය වලට ඇපකරය ලෙස තබන විදේශ විනිමයේ හිමිකාරිය තමයි ඒ මැදපෙරදිග කාන්තාව..ඇයව ,ඇයට තම පවුලේ අයත් එක්ක ප්‍රීතිමත් ,ආදරණිය ජිවිතයක් ගෙවන්න තියෙන හැකියාව තමයි ඒ උගස් වෙන්නේ..එහෙම උගස් වෙලා මේ ආර්ථිකය දරාගෙන,බෙහෙත් පෙත්ත සිට මුනීස්සම දක්වා මේ රටට හම්බ කරලා දෙන්නේ කාන්තාව…
ඒ කියන්නේ ශ්‍රී ලංකාව දුවන්නේ කාන්තාවගෙන්.ශ්‍රී ලංකාවේ කාන්තාවෝ හදපු බ්‍රෑන්ඩ් එකෙන් තමයි රට ගැන ලෝකේ කථාවෙන්නේ..හැබයි ..කාන්තාව තමන් ගැන වගේම තමන්ගේ සහෝදර කාන්තාව ගැන ඒ වගේ වටිනාකමක්..වටහාගෙන තියෙනවද? නැහැ කියන එකයි මගේ මතය.එහෙම වුණා නම්..අර පාර්ලිමේන්තුවේ ඉන්න 5% ට වැන්දඹු අනත්දරු කෝටා එකෙන් කට්ටිය පාර්ලිමේන්තු යන්නේ නැහැ..ඒ වගේ තමන්ගේ හා අනික් ගැහැණියගේ වටිනාකමට ගරුකරන්න හැකි මනසක් අපේ රටේ ගැහැණියට තිබුණා නම්..අපේ රටේ පාර්ලිමේන්තුව 40%කට වඩා කාන්තාවන් මේ වෙනකොට ඇතුලත් වෙලා..මොකද ලෝකේ පළමු අගමැතිණිය බිහිවෙච්ච රටට කාන්තාවොන්ගේ ශක්තිය ගැන අළුතින් යමක් ඔප්පු කරන්න අවශ්‍ය නැති පරිසරයක් බිහිවෙලා. තියෙන නිසා…හැබයි අපිට තවමත් වැන්දඹු අනත්දරු කෝටා ඒක අභිබවලා රටේ දේශපාලන ශක්තිය ගන්න බැරිවෙලා..එයට හේතුව..එයට හේතුව බහුතර කාන්තාව තම තමන්ගේ වටිනාකම් ගැන නිවැරදි තක්සේරුවක් නැතිකම හා තරඟය වරදවා වටහා ගැනීම.එනම් කාන්තාවෝ හැම නිතරම හිතන්නේ තමන්ට තරඟය තියෙන්නේ තවත් කාන්තාවක් එක්ක මිස ලෝකයේ අනිත් කරුණු එක්ක නෙවෙයි කියලා හිතන එක.මෙතන වෙනස් කරගන්නම ඕන.
අනෙක් අතට අපේ රට වැටිලා තියෙන මේ අගාධයට අපි,ඒ කියන්නේ ඔය කියන තරඟය වරදවා වටහාගත් කාන්තාවෝ වගකියන්න ඕන.පළමුව පාර්ලිමේන්තුවේ සංයුතිය,පත්වෙන ජනාධිපති තීරණය කරන්නේ ඇත්තටම 56% චන්ද දායක කාන්තාවෝ. කර්මයට අපේ දුක් කම්කටොළු භාරදීලා අපි තරම් කළමනාකරණ හැකියාව නැති,දරාගැනීමේ ශක්තිය නැති පිරිමි ටිකකට රට භාරදීලා ගෙදරට වෙලා ඉන්න එක ගැනත් .අනික් අතින් දාන මාන දීලා,අත කන කරදන් දීලා අපේ ඇඳුම පවා තීරණය කරන්න ආගමික සංස්ථාවක් නඩත්තු කරන්න අපි දායක වෙලා තියෙන එක ගැනත් අපි වගකියන්න ඕන.
තවත් අතකින් මෝඩ දේශපාලුවෝ සිවිල් යුද්ධ ඇතිකරලා ඒවා වවාගෙන කමින් වීරයෝ වෙනකොට චන්ද දිනනකොට අපේ පුත්තු උණ්ඩ ආහාර හැටියට යුදහමුදාවට යවලා මරාගන්න එකට.ඒ හමුදාව ට කියලා අපේ දරුවෝ මරාගන්න අපිම චන්දෙ දෙන එකට,,මේවටත් වගකියන්න ඕන අපි. ගොඩාක් කරුණු තිබුණත් එක ලිපියකින් කථා කරන්න බැරි අපි කාන්තාවෝ හැටියට නැගිටින්න ඕන.පළමුව වෙනස් වෙන්න ඕන..වෙනස් නොවී නැගිටින්න බැහැ ..මේ වෙනස අපි තුල ඇතිවෙලයි රට තුල ඇතිවෙන්නේ..
ලෝකයේ ගැහැණු ගොඩ නගපු රටවල් තියෙනවා..දෙවෙනි ලෝක යුද්ධයෙන් පසුව ජර්මනිය ගොඩ නැගුවේ ගැහැණු.බංකොලොත් වෙච්ච රට සකසුරුවම්ව ඉදිරියට ගෙන ගියේ ගැහැණු..මේ සති කිහිපයේ වෙච්ච දේවලින් මට කියන්න තියෙන්නේ..වෙනස් රටක් ඕන නම්..අනෙක් ගැහැණිය සමග තියෙන තරඟය නවත්වලා රට ගොඩ නගන්න තම තමන් වෙනස් වෙලා එක පෙළකට එමු. එහෙම ඇවිත් රට බේරා ගමු.නැතිනම්..අපේ රට කවදාවත් ගොඩ ගන්න බැහැ.
“එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබදව ජර්මාණු නියෝජිත ටිකිරි සුභාෂනී විසිනි”