පසුගිය දා ඔස්ට්‍රේලියාවේදී කාන්තාවකට අතවර කිරීමේ සිදුවීමකට අත්අඩංගුවට ගැනුනු ධනිෂ්ක ගුණතිලකට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (09) යළි කැඳවීමට නියමිතව ඇත.
නීතීඥ ආචාර්ය චානක සේනානායක සඳහන් කළේ අද දිනයේ ඔහු වෙනුවෙන් අලුතින් ඇප අයදුම්පතක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවයි.