ධනිෂ්කගේ නවතම තත්ත්වය.

පසුගියදා ඔස්ට්‍රේලියාවේ දී කාන්තාවක් දූෂණය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලක සිය දෙවන ඇප ඉල්ලීම් පත්‍රය යොමුකර ඇත.

ඔහු මේ වන විට ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් පොලිස් අත්අඩංගුවේ පසුවන බව වාර්තා වේ.

ඒ අනුව මොහු විසින් සිදුකළ මෙම දෙවන ඇප ඉල්ලීම දෙසැම්බර් මස 08 වනදා නිව් සවුත්වේල්ස් අධිකරණය විසින් සලකා බැලීමට නියමිතව ඇත.

මීට ඉහතදී මොහුගේ ඇප ඉල්ලීම පසුගිය 07 වනදා සිඩ්නි නුවර විවර්ලි අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර ධනිෂ්ක ගුණතිලකව සිඩ්නි හි පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක් වෙත යොමු කරන ලෙසට විනිසුරුවරයා එහිදී නියෝග කරන ලදී.

Exit mobile version