මෙවර 20 යි 20 ලෝක කුසලාන තරඟාවලියෙන් ශ්රී ලංකා කණ්ඩායමේ තවත් ක්රීඩකයෙකුට ඉවත් වීමට සිදුව ඇත.
ආබාධ තත්වයක් හේතුවෙන් මෙලෙස තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇත්තේ සුපිරි ක්රිකට් ක්රීඩක ධනිෂ්ක ගුණතිලකට ය.
එම නිසා ධනිෂ්ක වෙනුවට අශේන් බංඩාර සංචිතයට කැඳවීමට ICC තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව ඇත.
කෙසේ වෙතත් මීට පෙර පැවති තරඟවලදී ධනිෂ්ක ගුණතිලකට පන්දුවට පහර දීමේදී සිය සුපුරුදු දක්ෂතාවය පෙන්වීමට නොහැකි වූ අතර බොහෝ අවස්තාවලදී ලකුණු නොලබාම දැවී යාමට සිදු විය.
ඉතින් මේ ලැබුණු විවේකය උපයෝගී කරගනිමින් ඔහුට නැවතත් සුපුරුදු දක්ශතා අතරට පැමිණීමට හැකි වෙතැයි අප විශ්වාස කරන්නෙමු.