ධනිෂ්කට ඔස්ට්‍රේලියාවෙන් නිදහස.

ස්ත්‍රී දුෂණ චෝදනාවකට බන්ධනාගාර ගතව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්රීඩක ධනිෂ්ක ගුණතිලකට ඇප ලැබී ඇත.

ඔහුට ඇප ලබා දීමට සිඩ්නි අධිකරණය තීරණය කර ඇත.

ඔහු විසින් ඇප කොන්දේසි සමාලෝචනය කරන ලෙස ඉල්ලා සිඩ්නි අධිකරණය වෙත ඉදිරිපත් කළ ඇප ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ලබා දී තිබේ.

එමෙන්ම සිඩ්නි ඩ්විනින් සෙන්ටර් ප්‍රාදේශීය අධිකරණයේදී මහේස්ත්‍රාත් රොබට් විලියම්ස් විසින් ඊයේ (16) ධනිෂ්කගේ නීතිඥයින්ට ලිපිගොනු අඩංගු USB සහ දුම්රිය ස්ථානයක CCTV දර්ශන ඇතුලත් ලිපිගොනු වෙත ප්‍රවේශයට අවසර ලබාදීමටද කටයුතු කර ඇත.  

Exit mobile version