මේ දිනවල ලොවක් අවධානය දිනාගත් ධනුෂ්කගේ ලිංගික ක්‍රියාවලිය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සහ ආචාර්ය චානක සේනානායක මහතා අතර පැවති සාකච්ඡාව තුළින් කරුණු රාශියක් අනාවරණය විය.
මෙම වසරේ ජනවාරි මස තවදුරටත් දැඩි කළ ඔස්ට්‍රේලියානු නීතිය හමුවේ ධනුෂ්කට කුමක්වේද යන්න තවමත් තීරණාත්මකය.
මෙහිදී ආචාර්ය චානක සේනානායක විශ්වාසයෙන් යුතුව සඳහන් කළේ ඔහුට යම් වාසිදායක තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.
කෙසේ නමුත් ඔහුගේ මෙම හැසිරීම සුද්ද කිරීමට අපට නොහැක.දක්ෂ පන්දු රකින්නෙක් මෙන්ම මොහු දක්ෂ පන්දු යවන්නෙක් ද වූ අතර මෙවර ඔහුගේ පන්දුවට පහරදීමේ හැකියාව ද මේ වන විට ලොවටම එළිදක්වා ඇත.
කෙසේ නමුත් මෙම සිදුවීමට සම්බන්ධ සුදු කත විසින් පැමිණිල්ල තුලින් ඉදිරිපත් කර ඇති කරුණු සම්බන්ධයෙන් මෙන්ම මෙම සිදුවීම් දාමය දෙස ද බැලූ විට යම් සැකයක් හටගන්නා බව පැහැදිලි වේ.ඊට හේතුව මෙම සිදුවීමට ඇය මුහුණ දී ඇත්තේ බදාදා දිනයේ වන අතර ඇය මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කර ඇත්තේ සෙනසුරාදා දිනයේ ය.
මෙවැනි කරුණු කිහිපයක් පිළිබඳ පරස්පර තොරතුරු කිහිපයක් මෙහි දී අනාවරණය වී ඇත.කෙසේ නමුත් එරට නීතිය නම් ශ්‍රී ලංකා නීතිය ලෙස එකිනෙකාට වෙනස් වන්නක් නොවන බැවින් ධනුෂ්කට මෙයින් ගැලවීමට එතරම් පහසු නොවනු ඇත.මෙහිදී ආචාර්ය චානක සේනානායක විසින් ලිංගික අපචාර සම්බන්ධයෙන් කරුණු රාශියක් පැහැදිලි කරන අතර ධනුෂ්කගේ ලිංගික ක්‍රියාවලිය කෙබන්දක් වූවේද යන්න නම් ඔහුම විතරක් දන්නා කරුණකි.
කෙසේ නමුත් අදාළ කාන්තාව යම් සමතයකට පත්වීමට කැමැත්ත දැක්වුවහොත් ඉන් ධනුෂ්කට යම් සහනයක් ලැබෙනු ඇත.ධනුෂ්ක කාගේ හෝ ගැටයකට හසු වූවා ද යන්න තවමත් සැක සහිතය.
කාමයට ලොල් වූවන්ට කාමයට පමණක් ඉඩ නොදී තමන්ගේ ජීවිතය පිළිබඳව ද යම් දුරකට හෝ සිතීමට මෙය කදිම පාඩමක් විය යුතුය.ධනුෂ්කට මීට ඉහතදී ද චෝදනා 04ක් එල්ලව තිබූ නමුත් ශ්‍රී ලංකා නීතිය ක්‍රියාත්මක කරන්නන් එය නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම හමුවේ ඔහුට ඒවාට නිසි දඬුවම් හිමි නොවීය.ශ්‍රී ලංකා නීතිය එසේ වුවත් ඔහුට මෙවර නම් එසේ බේරීමට නොහැකි වනු ඇත.
මේ අතර අද (09) දිනයේ ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුව කැඳවනු ලැබූ අතර මීට ඉහත දී ඔස්ට්‍රේලියාව විසින් මෙයට මාධ්‍ය ආවරණයක් ලබා නොදෙන ලෙස වාරණයක් නිකුත් කර තිබුණ ද එම වාරණය මේ වන විට අත්හිටුවා ඇත.
මේ වන විට එම නඩුවට අදාළ ලියවිලි මාධ්‍යට ද අනාවරණය වී ඇති අතර මෙම නඩුව යළිත් ජනවාරි මස 12 වනදා පැවැත්වීමට නියමිතව ඇත.
වැඩිදුර විස්තර පහත වීඩියෝව තුළින්.