ධනිෂ්ක වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශය ද නැගී සිටීමට සැරසෙයි.

ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කළේ ධනිෂ්ක ගුණතිලක සැකකරුවෙකු පමණක් බවත්, ඔහු වෙනුවෙන් අවශ්‍ය නීතිමය සහයෝගය ලබා දීමට කටයුතු කරන බවත් ය.

ඊයේ (09) අනුරාධපුරය ප්‍රදේශයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කරන ලදී.

ධනිෂ්ක ගුණතිලකට එල්ලව ඇති චෝදනා සම්බන්ධ නඩුව ඊයේ (09) දිනයේ පැවති අතර එහි දී එය ජනවාරි මස 12 වනදා යළි පැවැත්වීමට දින නියම කර ඇත.

කෙසේ නමුත් ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරන ලද්දේ ධනිෂ්ක ගුණතිලක විසින් වින්දිත තරුණියගේ ගෙළ සිරකර ඇති අතර එහි දී ඇයට “සිය ජීවිතය පිළිබඳ බියක්” දැනී ඇතැයි එම තරුණිය අනාවරණය කර ඇති බවයි.

ඒ අනුව ඇයගේ මොළය ආශ්‍රිත ස්කෑන් පරීක්ෂණයක් ද අවශ්‍ය බවට ද නිර්දේශ කර ඇති බව වාර්තා වේ.

Exit mobile version