ධනුෂ්ක ආබාධයට ලක්වීමෙන් පසුවත් ඔස්ට්‍රේලියාවේ රඳවා ගැනීම සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයට ගැටලුවක්.

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය අතරතුරදී ආබාධයකට ලක්වූ ධනුෂ්ක ගුණතිලක යළිත් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් මේ වන විට ගැටලුවක් පැනනැගී ඇත.

ඒ ඊයේ (05) දිනයේ ස්ත්‍රී අපචාර චෝදනාවක් මත ඔහුව අත්අඩංගුවට ගැනීමත් සමගය.

ඒ අනුව මේ සඳහා පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ ධනුෂ්ක ගුණතිලකගේ ආබාධ තත්ත්වය සුව අතට පැමිණීම හේතුවෙන් ඔහුව සංචිතයේ අතිරේක ක්‍රීඩකයෙක් වශයෙන් ලබා ගැනීමේ අරමුණින් එසේ සිදුකළ බවයි.

ඔහුව ඔස්ට්‍රේලියාව තුළ රඳවා තබා ගැනීමේ තීරණය කණ්ඩායමේ කළමනාකරු, තේරීම් කමිටුව ඇතුලු සියලු නිලධාරීන් එක්ව එම තීරණය ගත් බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර ඇත.

Exit mobile version