ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට.

ඔස්ට්‍රේලියානු සිඩ්නි නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්ථා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ ඊයේ (05) මොහුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙසේ ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගෙන ඇත්තේ කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලක් මත බව වාර්තා වේ.

ධනුෂ්ක ගුණතිලක මීට සති තුනකට පෙර ඇති වූ ආබාධයක් හේතුවෙන් ඔහු වෙනුවට අශේන් බණ්ඩාර කණ්ඩායම වෙත කැඳවූ අතර ඔහු යළි ලංකාවට නොඑවා සංචිතයේ තබා ගැනීමට එහි දී ක්‍රිකට් බලධාරීන් කටයුතු කරන ලදී.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ධනුෂ්ක ගුණතිලක නොමැතිව දිවයිනට පැමිණ තිබේ.

Exit mobile version