ධම්මික ජනපති සටනින් ඉවත් වෙයි!

ජනාධිපතිවරණ සටනින් තාවකාලිකව ව්‍යාපාරික ධම්මික පෙරේරා තීරණය කර තිබෙන බවත්, එයට හේතුව වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව මේ වන විට එජාපයේ ප්‍රධානීන් ගෙනයන මාධ්‍ය ප්‍රචාරය නිසා බවද වාර්තා වේ.

කෙසේ නමුත් පොදුජන පෙරමුණ පක්ෂයෙන් ධම්මික පෙරේරා මහතා හට ලබා දි තිබෙන කොන්දේසී 10 සපුරාලීමට සුදානම් බවද ඔහු මීට පෙරම සදහන් කර තිබුණි.

ඒ සඳහා එම පක්ෂයෙන් තමන්ට කොන්දේසි 10ක් ඉදිරිපත් කර ඇති බවත්, තමන් එම කොන්දේසි සපුරාලීමට සුදානම් බවත් එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

එසේම මීට පෙර ප්‍රසන්න රණතුංග මහතාද ප්‍රකාශ කලේ රනිල් වික්‍රමසිංහ මහතාට තවත් අවස්තාවක් දිය යුතු බවයි.

Exit mobile version