කවුරුත් දන්නා ධම්මික පෙරේරාගේද පැටිකිරිය දැන් ලුණු ඇබුල් ඇතිවම හෙළිදරව් වෙමින් පවතී. මෙරට විනාශය කරා රැගෙන ගිය එක් ප්‍රධාන ව්‍යාපාරිකයෙකු වන්නේ ධම්මික පෙරේරාය. ධම්මික පෙරේරා මේ වන විට සිදුකර තිබෙන බදු මුදල් වංචාව රුපියල් මිලියන දහසකට වඩා වැඩි බව “ සතිය” පුවත් පත අනාවරණය කරයි.
රෙජිනෝ, කැසිනෝ , ජැක් පොට් ආදී සමාජය විනාශය කර රැගෙන යන සූදු ව්‍යාපාර වලින් ප්‍රකෝටිපතියෙකු වූ බව කියවෙන ධම්මික පෙරේරා වැනි පුද්ගලයන් නිසා රැකෙන මාධ්‍ය ආයතනද ඔවුන්ව උලුප්පා තබන්නේ රටට වැඩදායි පුරවැසියන් ලෙසිනි. නමුත් ධම්මික පෙරේරාගේ කර්මාන්ත ශාලාව බේරා ගැනීම සදහා රතුපස්වල මිනිසුන්ට වෙඩි තැබුවේ “වතුර වෙනුවට තොපි මැරියන්” යන පණිවිඩය ලබා දෙමිනි.
එංගලන්තයේ අපද්‍රවය බහාලුම් 130 ක් ලංකාවට ගෙන්වුයේද ධම්මික පෙරේරාය. අවුරුදු කිහිපයක සිට ව්‍යාපාර ලෝකය ජයගැනීම ආදිය පිලිබඳව විවිධ උපදේශ ලබාදෙන්නේ පිටකොටුවේ කුඩා ව්‍යාපාරයක් කරමින් සිට ජර්මානු ජාතිකයෙකුගේ පිහිටෙන්, මෙරට ජනතාව විනාශ කිරීමට අවශ්‍ය “ සූදු” කෙලියෙන් බවද “ සතිය” වාර්තා කර තිබේ.
ව්‍යාපාර ලෝකයේ දැවැන්තයෙකු වුවත්. ඔහු දැවැන්තයෙකු බවට පත්ව තිබෙන්නේ නීති විරෝදී මාර්ග වලින් මුදල් උපයාගෙන බවද, ඔහු ද සමස්ත සමාජයක්ම විනාශ කිරීමට දායක වූ වංචනික ව්‍යාපාරිකයෙකු බවද, ඔහුගේ උපදේශ මත බිහි වූ එමග යන තවත් ව්‍යාපාරිකයන් මෙරට තුල බිහිවෙමින් පවතින බවද, ඔවුන් සියල්ලෝම අනාගත ශ්‍රී ලංකාවට තර්ජනයක් වන බවද අප අමතක නොකළ යුතුය.