ඉන්දියන් සාගරයේ මුතු ඇටය නමින් පෙර දවස හදුන්වන ලද ශ්‍රී ලංකාව ඇත්තටම මුතු පිරුණු ස්වයංපෝෂිත පිං බිමකි.සිංගපූරුවේ ලී ක්වාන් යූ මැතිතුමා පනහ දශකයේ මෙරටට පැමිණියේය.එලෙස පැමිණ එතුමන් ලංකාවේදී ප්‍රකාශ කළේ සිංගප්පූරුව ඉදිරියේදී ලංකාව දෙස බලා නිර්මාණය කරන බවයි. නමුත් සිදු වූයේ කුමක්ද යන්න එදා ලංකාවේ රුපියල ඉතා ශක්තිමත්ව පැවතුණේය. ලංකාවාසී ජනතාව ජීවත් කරවීම එදා ලක්රජයට ඉතා පහසු කටයුත්තක් විය. එමෙන්ම ලංකාවාසී ජනතාවටද රට තුළ ඉතා ශක්තිමත්ව හා ඉතා සතුටින් ජීවත් වීමේ හැකියාව රට තුළ නිර්මාණය වී තිබිණි. නමුත් රට 1948 වර්ෂයේ පෙබරවාරී 04 වනදා නිදහස් වීමෙන් අනතුරුවමේ දක්වා ගමන් කළ කාලය තුළ අප රට බදු බරින් අධීක පීඩනයට ලක් වි ඇත. ලක් රජය හා ලංකාවාසීන්ට මෙලෙස බදු බර පැටවීමේදී මෙහි ඉතිහාසය ආරම්භ වූ ආකාරය සොයා බැලීම ඉතා වටිනා කරුණති.
මෙරට විධිමත් බදු ක්‍රමයක් ක්‍රියාත්මක වීම ඇරඹුණේ 1932 දී ආදායම් බදු දෙපාර්තමේන්තුව ස්ථාපනය කිරීමත් සමඟ යි. එතැන් සිට ගෙවුණු වසර 91කට වැඩි කාලයේ දී ශ්‍රී ලංකාවේ බදු ක්‍රමයේ වෙනස්කම් රැසක් සිදු වුණි. එසේ නම් අප බදු ක්‍රමයේ ඉතිහාසය පිළිබඳව සොයා බලමු. වසර 2500කට වඩා පැරණි ඉතිහාසයක් තිබෙන අප රටේ අතීතයේ සිට බදු අය කිරීමේ විවිධ ක්‍රමවේද පැවතිණි. අනුරාධපුර යුගයේ පිහිටුවූ ඇතැම් ශිලා ලේඛනවල එකල පැවති බදු වර්ග පිළිබඳ ව සඳහන් වේ. ඉන් පසු බිහි වුණු පොලොන්නරුව, මහනුවර වැනි රාජධානි යුගවල දීත් අප රටේ තුළ බදු ක්‍රියාත්මක වුණු බවට පැරණි මූලාශ්‍රවල ලියැවී තිබේ.
ක්‍රිස්තු වර්ෂ 1 වන සියවසේ දී අනුරාධපුර රාජධානියට අයත් වුණු ප්‍රදේශ ආශ්‍රිත ව බදු ක්‍රමයක් ක්‍රියාත්මක වුණු බව පැරණි ශිලා ලේඛනවල දක්වා තිබේ. එහි දී කෘෂිකාර්මික කටයුතු සම්බන්ධයෙන් වන බදු වර්ග 2ක් අය කර ඇත. ඒ ගොවිතැන් කිරීම සඳහා වැව් අමුණුවලින් ලබා ගත් ජලය වෙනුවෙන් ගෙවූ දකපති බද්ද සහ ගොවීන්ගේ ධාන්‍ය අස්වැන්නෙන් ගෙවූ භෝජකපති නම් බද්ද යි. එයින් භෝජකපති හෙවත් ධාන්‍ය බද්ද රාජ්‍ය භාණ්ඩාගාරයට ආදායම ලැබුණු ප්‍රධාන මාර්ගය යි. ඊට අමතර ව ජලාශවලින් ඇල්ලූ මසුන් සඳහා මජිබකපති නමින් බද්දක් අය කළ බව පෙරියකාඩු විහාර ගිරි ලිපියේ සඳහන් වේ.එම බදු අය කිරීම සඳහා ස්ථාපිත කර තිබුණු ස්ථාන කන්නිය සහ කානික යන නම් වලින් හදුන්වනු ලැබිණි.
අනුරාධපුර යුගයේ අග භාගයේ දී රජ කම් කළ 4 වන උදය රජතුමා බදුලු ටැම් ලිපිය ස්ථාපිත කරන ලදී. එහි දක්වා ඇත්තේ එකල පැවති වෙළෙඳ නීතිරීති පිළිබඳව යි. එම නීතිරීතිවලට අනුව පාරිභෝගිකයන්ට නොපෙන්වා අලෙවි කළ භාණ්ඩ සඳහා දෙගුණයක් අය බදු ගෙවිය යුතු විය. එකල වෙළෙන්ඳන්ගෙන් අය බදු එකතු කිරීම සඳහා “පදිලද්” යන නමින් නිලධාරින් පිරිසක් පත් කර තිබුණා. එයින් පැහැදිලි වන්නේ එකල වෙළෙන්ඳන් සඳහා අය බදු ක්‍රමයක් ක්‍රියාත්මක වුණු බව යි.
අනුරාධපුර යුගයේ දී මහාතිත්ථ, ගොඩවාය, ගෝකණ්ණ වැනි වරායන් වෙළෙඳාම සඳහා ප්‍රසිද්ධියට පත්ව තිබුණා. එකල එම වරායන් හි ආනයන සහ අපනයනය බදු එකතු කිරීමට “මහාපටුලද්ද” නමින් නිලධාරින් පිරිසක් පත් කර සිටි බව පැරණි මූලාශ්‍රවල දැක් වේ. ඒ අනුව අනුරාධපුර යුගයේ දී බදු එකතු කිරීම හරහා විශාල රාජ්‍ය ආදායමක් ලැබී තිබේ. ඊට අමතර ව ඉඩම් බදු සහ ගැල් බදු අය කළ බවට එකල ස්ථාපිත කළ ඇතැම් ශිලා ලේඛනවල දක්වා තිබේ. එයින් නිගමනය කළ හැක්කේ අනුරාධපුර යුගයේ දී අප රටේ විධිමත් බදු ක්‍රමයක් ක්‍රියාත්මක වී ඇති බව යි.
බදු පිළිපදව කථා කිරීමේදී පොළොන්නරුව රාජධානිය සුවිශේෂයි. පොලොන්නරු රාජධානිය පාලනය කළ ප්‍රබලත ම පාලකයා බවට පත් වුණේ මහා පරාක්‍රමබාහු රජතුමා යි. එම අවධීයේදී සිංහල සේනාව බුරුමය ආක්‍රමණය කළහ. මහා පරාක්‍රමබාහු රජතුමා දශකයකට වැඩි කාලයක් දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍ය සහ චෝළ අධිරාජ්‍යයන්ට එරෙහි ව සටන් කළ අතර. එය දකුණු ඉන්දීය සෙල්ලිපිවල දක්වා තිබේ. එහි දී සිංහල සේනා දකුණු ඉන්දියානු ප්‍රදේශ ආක්‍රමණය කර සටන් කිරීම සුවිශේෂී සිදුවීමක් විය. එසේ සටන් මෙහෙයවීම සඳහා විශාල අමතර ධනයක් අවශ්‍යවිය.. එනිසා එකල ජනතාව මත අධික බදු බරක් පටවා තිබුණු බව මහාවංසයේ දක්වා තිබේ.
පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ බදු අය කළ ආකාරය පිළිබඳ ව නයිනතිව් සෙල්ලිපියේ ද තොරතුරු දක්වා තිබේ. පරාක්‍රමබාහු රජතුමා දක්ඛිණ දේශයේ පාලකයා වශයෙන් කටයුතු කරද්දී අය බදු එකතු කිරීම සඳහා භාණ්ඩාගාරික නමින් නිලධාරි පිරිසක් පත් කළ සිටි බව පැරණි ඉතිහාස මූලාශ්‍රවල සඳහන්.කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජතුමා ක්‍රිස්තු වර්ෂ 1187-1196 යුගයේ දී පොලොන්නරුව පාලනය කළ අතර ඔහු රජකමට පත්වීම පිළිබඳ ව රට වැසියන් එතරම් සතුටට පත් වුණේ නැත. ඒ ඔහු කාලිංග වංශිකයෙක් නිසාය. එනිසා රට වැසියාගේ හිත දිනා ගැනීම සඳහා ක්‍රමයක් කල්පනා කළ නිශ්ශංකමල්ල රජතුමා මුලින් ම සිදු කළේ ඒ වන විට ජනතාව මත පැටවී තිබුණු අධික බදු බර අඩු කිරීම යි.පොළොන්නරු යුගයේ දී කෘෂිකාර්මික කටයුතු සම්බන්ධයෙන් පිසඹුරුවත, සහ කැතිඅඩ නමින් බදු වර්ග දෙකක් අය කළ බව කන්තලේ පිහිටි ගල් ආසන සෙල්ලිපියේ දක්වා තිබෙනවා. නිශ්ශංකමල්ල රාජ්‍ය සමයේ දී පිසඹුරුවත නම් බද්ද සම්පූර්ණයෙන් ම ඉවත් කරමින් රට වැසියන්ට සහන දුන් බව එකල ස්ථාපිත කළ සෙල්ලිපිවල ලියැවී තිබේ.
මෙලෙස අනුරාධපුරයෙන් පොළොන්නරුවෙන් ඇරඹි බදු ක්‍රමය බ්‍රිතාන්‍ය ජාතිකයින් මෙරටට පැමිණි පසු ද මෙරට ක්‍රියාත්මක විය.1796 දී බ්‍රිතාන්‍යයන් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල පාලන බලය අල්ලා ගැනුණි. ඉන් පසුව 1815 දී මුළු රටේම බලය සියතට ගැනීමට බ්‍රිතාන්‍යයන්ට හැකි විය. එසේ ලංකාවේ බලය ලබා ගත් බ්‍රිතාන්‍යයන් අධික බදු බරක් ජනතාව මත පටවමින් පාලනය ගෙන ගිය අතර ක්‍රි.ව.1848 දී ටොරින්ටන් ආණ්ඩුකාරවරයා ඉතාමත් අසාධාරණ ලෙස බදුපනවන ලදී.එහි දී ඔහු පැනවූ ඇඟ බද්දට දැඩි ජනතා විරෝධයක් එල්ල විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් එම වසරේ දී බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි ව මාතලේ කැරැල්ල ඇති විය. බ්‍රිතාන්‍ය ජාතිකයන් 1948 දී අප රටට නිදහස ලබා දෙන තුරු ම විශාල වශයෙන් බදු අය කළ බව පැරණි මූලාශ්‍රවල සඳහන්. මේ එම යුගයේ දී අය කළ බදු වර්ග කිහිපයක් පිළිබඳ තොරතුරු යි.
1). ඇඟ බද්ද- පිරිමි දරුවෙක් වැඩිහිටි පුරුෂයකු බවට පත් වුණු පසුව මෙම බද්ද ගෙවීමට සිදු විය.
2). මරාල බද්ද- යම් කෙනකු මිය ගිය පසු ඔහු හෝ ඇය ජීවත් ව සිටි කාලයේ භාවිත කළ දේපළවලින් යම් ප්‍රතිශතයක් බද්දක් ලෙසින් ගෙවීමට සිදු විය.
3). ධීවර බද්ද- ධීවර කර්මාන්තයේ යෙදුණු ජනතාවට සිය ආදායමෙන් කොටසක් බද්දක් ලෙස ගෙවීමට සිදු විය.
4). පොල් බද්ද- යම් කෙනකු ජීවත්ව සිටි නිවසේ පිහිටි පොල් ගස් සඳහා බද්දක් ගෙවීමට සිදු විය.
5). තුවක්කු බද්ද- එකල තුවක්කු භාවිත කළ උදවියට මෙම බද්ද ගෙවීමට සිදු විය.
6). සෙරෙප්පු බද්ද- එම යුගයේ දී සෙරෙප්පු සුඛෝපභෝගි ආයිත්තමක් ලෙස සැලකිණි. එනිසා සෙරෙප්පු යුගළක් පැළඳි උදවියගෙන් ද බද්දක් අය කෙරිණි.
7). පාර බද්ද- තමන් ජීවත් වුණු නිවස සඳහා වෙනම පාරක් භාවිත කළ උදවියට මෙම බද්ද ගෙවීමට සිදු විය.
8). බලු බද්ද- නිවසේ සුරතලයට සුනඛයන් ඇති කළ උදවියගෙන් මෙම බද්ද අය කර ගැනිණි.
1932 දී අප රටට ආදායම් බද්ද මුලින් ම හඳුන්වා දෙන ලදී. එහි දී 1931/32 මුල් ම තක්සේරු වර්ෂය ලෙසින් සැලකුවා. එම බදුවල පරිපාලන කටයුතු සඳහා 1932 දීම ආදායම් බදු දෙපාර්තමේන්තුව ස්ථාපිත කෙරිණි. එහි ප්‍රථම කොමසාරිස්වරයා ලෙස එන්.ජේ හක්ස්හැම් පත් කළ අතර බූදල් සහ මුද්දර බදු කාර්යාලත් 1933 දී ආදායම් බදු දෙපාර්තමේන්තුව සමඟින් ඒකාබද්ධ කෙරිණි. ඉන් අනතුරු ව එය හැඳින්වූයේ ආදායම් බදු, බූදල් සහ මුද්දර බදු දෙපාර්තමේන්තුව ලෙසයි. පසු කලෙක එහි නම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ලෙසින් වෙනස් විය. එම දෙපාර්තමේන්තුව පසු යුගයේ විවිධ වසරවල දී පැනවූ බදු කිහිපයක් මෙසේ දැක්වීමට හැකිය.
1). 1941- අතිරේක ලාභ බද්ද
2). 1948- ලාභ බද්ද
3). 1958- ධන බද්ද, වියදම් බද්ද සහ ත්‍යාග බද්ද
4). 1961- ජාතික සංවර්ධන බද්ද, සහල් සහනාධාර බද්ද, අධි බද්ද, විකිණුම් බද්ද
5). 1963- ව්‍යාපාර පිරිවැටුම් බද්ද
6). 1971- ප්‍රාග්ධන බද්ද
7). 1983- පුනරුත්ථාපන බද්ද
8). 1986- පොළිය මත රඳවාගැනීමේ බද්ද
9). 1988- ඔට්ටු සහ සූදු බද්ද
10). 1992- ජාතික ආරක්ෂක බද්ද, නිශ්චිත ගාස්තු මත රඳවාගැනීමේ බද්ද
11). 1998- භාණ්ඩ සහ සේවා බද්ද
12). 2002- එකතු කළ අගය මත බද්ද (VAT)
13). 2005- සමාජ වගකීම් බද්ද
14). 2009- ජාතිය ගොඩනැඟීමේ බද්ද
වර්තමානයේ දී අප රටේ ක්‍රියාත්මක වන බදු වර්ග පහත පරිදි පෙන්වා දිය හැකිය.යම් පුද්ගලයෙක් හෝ ආයතනයක් අනිවාර්යයෙන් ගෙවිය යුතු යැයි රජය හෝ රජයේ බලාධිකාරී ආයතනයක් නියම කළ ගෙවීමක් බද්දක් ලෙසින් හදුන්වයි. ප්‍රධාන වශයෙන් ආකාර 2ක් යටතේ බදු වර්ග කරන්න පිළිවන.
1). එකතු කළ අගය මත බදු (VAT),
2). සමාගම් බදු
3). රේගු බදු
4). නිෂ්පාදන බදු
5). ප්‍රාග්ධන ලාභ බදු
6). පුද්ගල ආදායම් බදු
7). හර බදු
8). ජාතිය ගොඩනැගීමේ බදු
9). සමාජ වගකීම් බදු
10). සෙස් බදු
11). ආර්ථික සේවා ගාස්තු
12). වරිපනම් බදු
රජයට අමතර ව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, පළාත් පාලන ආයතන සහ ශ්‍රී ලංකා රේගු අධිකාරිය මෙසේ බදු අය කරති.
1). දේශීය ආදායම් දෙපාර්තමේන්තුව– පුද්ගල ආදායම් බද්ද, එකතු කළ අගය මත බදු (VAT)
2). සුරාබදු දෙපාර්තමේන්තුව- සිගරට් බද්ද, දුම්කොළ බද්ද, සුරා බදු
3). පළාත් පාලන ආයතන- වරිපනම් බදු, විනෝද බද්ද
4). ශ්‍රී ලංකා රේගු අධිකාරිය- තීරු බදු
බදු යනු මිනිසුන් බිය ගන්වන නරක වචනයකැ යි බොහෝ දෙනාට සිතේ. එම වචනය ඇසෙන විට මට මතක් වන්නේ, රොබින්හුඞ් කෘතියේ එන නොටින්හැම් පොලිස් ප‍්‍රධානියා බදු එකතු කිරීම සම්බන්ධයෙන් ඒ පළාතේ ජනතාව තුළ ඇති කරන ලද භීතියේ ස්වභාවයයි. එම බදු බර ඉදිරියේ එම ජනතාව මොන තරම් අවාසනාවන්ත තත්ත්වයකට පත්වී ද යන්නයි. කෙසේ වෙතත්, මා වයසින් වැඩෙත්ම, බදු යනු රටක වෙසෙන සෑම පුද්ගලයෙකුගේම ජීවිතයේ අත්‍යාවශ්‍ය අංගයක් වශයෙන් ගැනීමට මම පුරුදු වීමි. ඒ, එක් සරළ හේතුවක් නිසා ය. එනම්, මහජන සුභසිද්ධිය සලසනු වස් ආණ්ඩුවකට අවශ්‍ය කරන ආදායම සොයා ගැනීමේ ප‍්‍රධාන මාර්ගය එය වන නිසා ය.
නමුත් වර්තමානයේ රට තුළ පනවන ලද බදු වර්ග රටක ජනතාවට ඔරොත්තු දෙනවාද යන්න අප හමුවේ තිබෙන ප්‍රධාන ගැටළුවකි. ඉහත දක්වන ලද බොහෝ කරුණු අනුව පැහැදිගි වන්නේ බදු ගසා රටක් ගොඩනැගිය හැකි වුවත් එහිදී දූෂණය හා නාස්තිය අවම කර ගනිමින් හොරකමින් තොර පාලනයක අවශ්‍යතාවය තිබියි යුතුය. ඒ වෙනුවෙන් අප කැප විය යුතුය. එසේ වූ විට රට ගොඩනැගීම අපහසු නැත. එසේ නොවන්නේ නම් නැවතත් අධික බදු බර නිසා ඇරඹෙන දෙවන අරගලය නුදුරේදීම දැකිය හැකිය.
අද වන විට ලංකාව තුළ ජීවත් වීමේ දැඩි අර්බුදයට මුහුණු දී සිටින්නේ මධ්‍යම පන්තියයි. ඉහළ ධනපති පන්තියට ද මෙම බදු බර ගැටළුවක් වුවද ඔවුන්ට එය දැඩි ලෙස දැනෙන්නේ නැත. මෙය කිස්සේත්ම නොදැනෙන්නේ දුප්පත් ජනතාවටයි. නමත් එම ජනයාට මෙම බදු බර නොදැනෙනවා කියා මෙම ප්‍රශ්නයෙන් කිසිවෙක්ට ඉවත් විය නොහැකිය.නමුත් දැන් දැන් සිදු වන්නේ පාලක පැළැන්තිය විසින් මෙම ගැටළුවෙන් නිදහස් වී නිහඩ වීමයි.එම නිසා ජවතාව වර්තමානය වන විට අධික බදු බරින් මිරිකෙමින් ජීවත් වන්නට පටන් ගෙන ඇත.
බදු ගහලා රට ගොඩනගන්න පුලුවන්ද?