අමෙරිකානු බුද්ධි අංශ ඉතිහාසයේ විශාලතම දත්ත මුදා හැරීම සිදු කළ බවට චෝදනා එල්ල වූ හිටපු සීඅයිඒ නිලධාරියකුට වසර 40ක සිරදඬුවම් නියම වූ බව නිව්යෝක් නුවර නීතිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. ජොෂුවා ෂූල්ට් නමැති මේ නිලධාරියා වසර 2016 දී විකිලීක්ස් වෙබ් අඩවිය වෙත සීඅයිඒ රහසිගත තොරතුරු අතිවිශාල ප්‍රමාණයක් ලබා දී ඇති බව තහවුරු වී තිබේ.
එරට නීතිපති කාර්යාලයට අනුව ළමා අසභ්‍ය දර්ශන ලබා ගැනීම, ඒවා සන්තකයේ තබා ගැනීම සහ වෙනත් පාර්ශ්වයකට ලබා දීම ඇතුළු තවත් තොරතුරු රැසක් හේතුවෙන් ඔහු වරදකරු වී ඇතැයි වාර්තා වේ. සීඅයිඒ සංවිධානයේ සයිබර් බුද්ධි ඒකකයේ පරිගණක ඉංජිනේරුවකු ලෙස සේවය කළ ඔහු පරිගණකවලින් අනාවරණය නොවන පරිදි දත්ත සොරකම් කළ හැකි නව සයිබර් මෘදුකාංගයක් ද නිර්මාණය කර තිබූ බව ද වාර්තා වේ
(දිනමිණ)