ධීවර උද්ඝෝෂණය තවදුරටත් ක්‍රියාත්මකයි

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ කච්චතිව් මුහුදු තීරයේ තම ධීවර කටයුතු වල නිරතවීමට අවසර ලබාදෙන ලෙස ඉන්දීය ධීවරයින් විසින් නැවතත් ඉල්ලීම් කර ඇති බවයි.

ඒ අනුව ශ්‍රී ලංකාව  සහ ඉන්දියාව අතර පවතින දීර්ඝ කාලීන ධීවර අර්බුදය මේ වන විට තව තවත් උග්‍ර අතට හැරී ඇත.

ඒ අනුව මේ සම්බන්ධයෙන් යාන්ත්‍රික බෝට්ටු ධීවරයින් විසින් ආරම්භ කරන ලද උද්ඝෝෂණය අද (19) දිනයේත් ක්‍රියාත්මක අතර ඔවුන් සඳහන් කරන්නේ මෙම උද්ඝෝෂණය සතියක් පුරාවට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.

මෙම උද්ඝෝෂණය ඔස්සේ ඔවුන් ඉල්ලීම් කරන්නේ කච්චතිව් මුහුදු තීරයේ ධීවර කටයුතු සිදුකිරිම සඳහා මධ්‍යම රජයෙන් සහ ප්‍රාන්ත රජයෙන් අවසර ලබාදෙන ලෙසයි.

එමෙන් ම පසුගිය දිනක නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලද ඉන්දීය ධීවර යාත්‍රාවලට සුදුසු වන්දි මුදලක් ලබාදෙන ලෙසද ඔවුන් ඉල්ලා ඇත.

Exit mobile version