මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපතිගේ පුත්‍රයා විසින් නකල්ස් රක්ෂිතයේ හෝටලයක් ඉදිරි කිරීමට පියවර ගෙන ඇති බවට චෝදනාවක් එල්ලව ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාබා බණ්ඩාර විසින් මෙම චෝදනාව සිදුකර ඇති අතර පරිසර නීති උල්ලංඝනය කරමින් මෙම ක්‍රියාවලිය සිදු කරන බවට ඔහු චෝදනා කර සිටියි.
මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කර ඇති අතර මෙම මාධ්‍ය හමුව සඳහා මධ්‍යම පරිසර සංරක්ෂණ එකමුතුවේ කැඳවුම්කරු වන අමිත් සේනානායක ද එක්ව ඇත.