නගරාධිපතිගේ පොරොන්දු කඩ කළ සජබය .

පැවැත්වීමට නියමිතව තිබෙන පළාත් පාලන මැතිවරණය උදෙසා බේරුවල නගර සභාවට සමගි ජන බලවේගයෙන් තරග කිරීම සදහා තාමාට ආරාධනා කෙරුවද නාම යෝජනා භාර දීමේදී තමාගේ නම එයින් ඉවත් කර නාම යෝජනා භාර දී ඇති බව බේරුවල නගරාධිපති මසායි මොහොමඩ් සජබයට චෝදනා කරයි.

“ නායකතුමා මගෙත් එක්ක ඉදලා ෆොටෝ එකක් ගත්තා. එදා පොරොන්දු වුණා අපි ඔක්කොම එකතු වෙලා සජබය දිනවමු කියලා. මේ පොරොන්දුව එයාලා කඩ කළා. මගේ විශ්වාසයට ද්‍රෝහීකමක් මට  කළා. “  යැයි නගරාධිපතිවරයා චෝදනා කරයි. සජබයේ නායකයින් තීන්දු තීරණ හරිහැටි ක්‍රියාත්මක නොකිරීමෙන් ඉදිරියේදී ගැටළු ඇති විය හැකි බවද නගරාධිපතිවරයා ප්‍රකාශ කරන ලදී.

Exit mobile version