පවතින වසංගත තත්වය හේතු කරගනිමින් මහජන මැදිහත්වීමෙන් යුක්තව ඔවුන් ඔවුන්ගේ ආරක්ෂාව සපයා ගැනීම අරමුණු කරගෙන කටයුතු කරන අයුරක් පෙන්නුම් කරමින් මාතලේ පලාපත්වල හා මඩවල උල්පත යන නගර දෙකෙහි කඩසාප්පු ඇතුළු සියලු වෙළඳසල් ස්වේච්ඡාවෙන් වසා දැමීමට වෙළෙඳසල් හිමියන් විසින් ම තීරණය කර ඇති අතර ඒ අනුව අද (13) සිට 18 දින දක්වා වසා දැමීමට පියවර ගෙන තිබේ.
එම ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩ ආදිය කල්තියා ලබා ගැනීමට දැනුවත් කිරීම් සිදු කර ඇති අතර තොග හා සිල්ලර වෙළඳසල්, බාර්, සැලුන්, සන්නිවේදන මධ්‍යස්ථාන, එළවළු හා මාළු වෙළෙඳසැල් ආදී සියල්ල වසා දැමීමට පියවර ගෙන ඇත.
පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බවත් කොවිඩ් තත්ත්වය හේතුවෙන් ජනතාව ඒකරාශී වීම හා අනෙකුත් කටයුතු අවම කිරීමේ අරමුණින් මෙය සිදුකළ බවත් පලාපත්වල වෙළෙඳ සංගමයේ ලේකම් ජේ. ජී. දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ ය.
වෙළඳ ප්‍රජාව විසින්ම මෙම කරන ලද ඉල්ලීමට සහයක් ලෙස ප්‍රදේශයේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ආදිය සතියකට ප්‍රමාණවත් වන පරිදි ලබා ගන්නා ලෙස ප්රචාරක රථ මගින් දැනුවත් කළ බවත් මෙවැනි තත්ත්වයක් තුළ දී වෙළෙඳ ප්‍රජාව විසින් ම සිදුකරන ලද මෙම කාර්යය අගය කරන බවත් මාතලේ ප්‍රාදේශීය සභාවේ සභාපති කපිල බණ්ඩාර හේන්දෙණිය මහතා කියා සිටියේය. මෙහෙම ඔවුන් කියන්න