පසුගියදා නටමින් ගී ගයමින් උපන්දිනය සැමරීම හේතුවෙන් සමාජය තුළ දැඩි කතා බහට ලක්වූ තිත්තගල්ලේ ආනන්ද සිරි නම් භික්ෂුව එම සිද්ධිය විවේචනය කළ මාධ්‍යවේදියෙකු සමඟ උණුසුම් වචන හුවමාරුවක් සිදුකර ගෙන තිබෙනවා.
එහිදී එම භික්ෂුව විසින් එම සිදුවීම පිළිබඳ පැහැදිලි කිරීම සඳහා තමන්ට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙන ලෙස අදාළ මාධ්‍යවේදියගෙන් ඉල්ලීමක් කර ඇති අතර එම සම්මුඛ සාකච්ඡාව ප්‍රමාද වූ බව පවසමින් අදාළ මාධ්‍යවේදියාට බැනවැදී තිබෙනවා.