මේ වන විට ශ්‍රී ලංකාවේ තත්වය අමුතුවෙන් ලිවිය යුතු නොවේ. නමුත් මාසික වැටුපක් ලෙස කියක් හරි ලැබෙන මිනිස්සුන්ට තවමත් මහා ලොකුවට පවතින තත්වය නොදැනුනු බවද නොරහසකි. තමන්ටත් දෙයක් වන තෙක් එය නොදැනෙන බව ඉතාම පැහැදිලිවම සමාජ විද්‍යාවේදී උගන්වන නමුත් ප්‍රඥාවන්තයන්ට අත් දැකීම නොලැබුනත් එය දැනෙන බවද පැහැදිලිවම උග්නවයි.
මේ වන විට ලංකාව පුරාම විසිරි සිටින ජනතාවගෙන් ලක්ෂ ගනනාවකට රැකියා ආහිමිව ගොස් තිබෙන අතර සමහර බැංකුවලද අදායම සීග්‍රයෙන් පහල වැටෙමින් පවතින බවද අනාවරණය වෙයි.
මේ අතර ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුල නඩු දහස් ගනනක් විභාග වෙමින් පවතින අතර එම නඩු සදහා දුගී දුප්පත් ජනතාවගේ කොටිපති ව්‍යාපාරිකයන් දක්වාම අධිකරණවලට පැමිණිය යුතු අතර නීතිඥ ගාස්තුද ගෙවිය යුතුව තිබේ. නමුත් මේ වනවිට අදායම් නැතිව ජීවත්වන ජනතාව තමන්ගේ සුවිශේෂී නඩු සදහාවත් සහභාගි නොවන තත්වයක් තිබෙන බව අධිකරණවල පෙනෙන්නට තිබේ. යම් අකාරයකින් මුදල් තිබෙන පාර්ශ්වයන් පෙනී සිටියත් මුදල් නොමැති පාර්ශ්වයන් ඒ ආකාරයෙන් පෙනී සිටීමෙන් සිවිල් නඩු ඒකපාර්ශ්වික තීන්දු වලට යන අතර මෙම තත්වය නමත නීතිවේදින්ද අසරණව සිටි. මක් නිසාද යත් නීතිවේදීන් බාරගෙන තිබෙන නඩු වෙනුවෙන් ඔහු වගකිව යුතු නමුත් සේවාදායකයාගෙන් උපදෙස් නොලැබෙන විට නඩුවේ කටයුතු පවත්වාගෙන යාමට නොහැකිව තිබේ.
මහේස්ත්‍රාත් අධිකරණයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින සියලුම වර්ගවල නඩු කටයුතු සදහා මෙම බලපෑම ඇතිව තිබේ. රුපියල් 2000 ක් වත් ගෙවාගැනීමට නොහැකිව ලක්ෂ ගානක් සිටින නමුත් නඩුවක් යනු මිනිසෙකුගේ ජීවිතයේ තීරණාත්මක පැතිකඩයන් විවෘත වේ. පසුගිය කොරෝනා සමයේද සාමාන්‍ය ජනතාවට දැඩි අපහසුතා එල්ල වී ඒකපාර්ශ්වීය තීන්දුවලට ගිය නඩු තිබේ. නමුත් ඒවා අධිකරණවල වැරදි නොවන අතර එවැනි අවස්තාවක ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හරහා හෝ අමාත්‍යවරයා විසින් සැකසිය යුතු නිසි සහනදායි ප්‍රතිපත්තියක් ඇති නොවීමෙන් ලැබෙන ප්‍රතිපලයන් වේ.
එබැවින් ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතාට මෙන්ම අධිකරණ අමාත්‍ය ගරු විජේදාස රාජපක්ෂ යන මහත්වරුන්ගේ අවධානයට මෙම කාරනාව යොමුකරන අතර අවුරුදු ගනනාවක් යන තෙක් සාමාන්‍ය තත්වයට පත් විය නොහැකි පවතින ආර්ථිකය හමුවේ, අධිකරණවල නඩු කියන සියලු පාර්ශ්වයන් වෙනුවෙන් මෙන්ම නීතීඥවරුන්ගේද සුබ සිද්ධිය වෙනුවෙන් යම් සුවිශේෂී ප්‍රතිපත්තියක් කඩිනමින් සැකසීමට අවශ්‍යව තිබේ. පවතින තත්වය තුල සාධාරණ නඩු විභාගයක් ලබා ගැනීමට නොහැකි ලෙස ජනතාව පීඩා විදිති. එය අධිකරණයේ වරදක් නොවන අතර ජනතාව පීඩාවට පත්කරමින් කටයුතු කල රාජ්‍ය පරිපාලනයේ අයහපත හේතුවෙන් ඇතිව තිබෙන ක්‍රියාවකි. එබැවින් පවතින තත්වයට ගැලපෙන ලෙස නව ප්‍රතිපත්තියක් නඩු කීමේ කටයුතු වෙනුවෙන් සැකසිය යුතුව තිබේ.