නත්තල් සමාවෙන් රැඳවියන් 309ක් නිදහස්.

නත්තල උදාවීම කේන්ද්‍ර කර ගනිමින් ඊට සමගාමීව සමාව ලබා බන්ධනාගාරයෙන් නිදහස් වන සිරකරුවන් සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේිදනයට අනුව හෙට (25) දිනයේ දී නත්තල් සමාව යටතේ සිරකරුවන් 309 දෙනෙකු නිදහස් වීමට නියමිතව ඇත.

මෙසේ නිදහස ලබන සිරකරුවන් අතරට පිරිමි රැඳවියන් 306ක් සහ ගැහුණු රැඳවියන් 03 දෙනෙකු ඇතුළත් කර තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිකුත් කළ ලිපියේ සඳහන් කර ඇත්තේ මෙසේ නත්තල් සමාව හිමි වී ඇත්තේ සුළු වැරදි සම්බන්ධයෙන් දඬුවම් ලබා සිටි සහ වෙනත් ‍හේතු මුල් කරගෙන බවයි.

Exit mobile version