කුකුළු මස් කිලෝවක මිල අද (12) දිනයේ සිට ඉහළ දැමීමට කුකුළුමස් තොග වෙළඳුන් තීරණය කර ඇති අතර ඒ අනුව රුපියල් 30-50 අතර මුදලකින් කුකුළු මස් කිලෝවක් ඉහළ දැමීමට නියමිතව තිබෙන බව වාර්තා වේ .
එමෙන්න බොහෝ ගොවිපළ හිමියන් ඊයේ (11) දිනයේදීම මෙම මුදල ඉහළ දමා ඇති සඳහන් .
ඒ අනුව කිලෝවක් රුපියල් 1200ක මිලකට අලෙවි වූ කුකුළු මස් කිලෝවක තොග මිල නව මිල ගණන් යටතේ අද (12) සිට රුපියල් 1250ක් දක්වා ඉහළ යයි.
තවද බිත්තරයක මිලද රුපියල් 60 දක්වා ඉහළ දැමීමට කටයුතු කර තිබෙන අතර ඉල්ලුමට සරිලන සැපයුමක් නොලැබීම මත බිත්තර ඉහළමින් තිබෙන බව වෙළඳුන් වැඩිදුරටත් ප්රකාශ කර තිබේ .
කෙසේ නමුත් නත්තල් සමයේදී මෙම මිළ ගණන් තවදුරටත් ඉහළ යාමට නියමිත බව වාර්තා වේ.