අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සංචාරක අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කරමින් සඳහන් කළේ නත්තල් උත්සවය බාල්දු නොකරන ලෙසයි.
ඒ අද (12) උදෑසන ගනේමුල්ල, බොල්ලත ප්‍රදේශයේ දේවස්ථානයක පැවති දේව මේයකට සහභාගීවෙමිනි.
සංචාරක අමාත්‍යංශයේ අනුමත හෝටල් සඳහා නත්තල් දිනයේ දී මත්පැන් අලෙවියට අවසර ලබා දෙන ලෙසට ඉල්ලීම් කර ඇති බවත්,එවැන්නක් සිදු කර මෙම නත්තල් උත්සවය බාල්දු නොකරන ලෙසත්, වෙසක් උත්සවයේ දී මත්පැන් අලෙවිය තහනම් වන්නේ නම් නත්තල් උත්සවයේ දී ද එය එසේ විය යුතු බවයි කාදිනල් හිමිපාණන් මෙහි දී අවධාරණය කර ඇත්තේ.
එමෙන් ම වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ 2019 අප්‍රේල් මස 21 වනදා සිදු වූ විනාශයට තවමත් නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති අතර, එහි මහ මොළකරුවන් තවමත් නිදැල්ලේ සිටින බවයි.