ශ්‍රී ලංකාවේ වර්තමාන විනාශයේ හවුකරුවන් වන්නේ බුධ්ධිමත් නොවූ ජනතාව, රාජ්‍ය සේවකයා, ව්‍යාපාරිකයන් මෙන්ම ජනතා මැතිවරණ ව්‍යාපාරයක් බවට හැර වූ සියලුම දේශපාලකයන් වේ.
තරුණ සංවර්ධනයක් නැති, ප්‍රජා සංවර්ධනයක් නැති ශ්‍රී ලංකාවේ ඉහලින්ම තිබෙන්නේ ව්‍යාපාර පමණි. ඒ හේතුවෙන්ම ශ්‍රී ලංකාව දැන් ලෝකයේ තිබෙන බන්කොලොත්ම රාජ්‍යයන් වලින් එකක් බවට පත්ව තිබේ. එරට වැසියන්ගේ අසරණ කම අස්සේ පාලකයන් සිදුකරනුයේ තවමත් ඔවුන්ගේ ව්‍යාපාර දියුනුකරගැනීම පමණි. ඔවුන්ට ලැජ්ජාව හෝ බිය නැත. ඔවුන්ට නීතියක් හෝ සදාචාරයක් අවශ්‍ය වන්නේද නැත .
දිනෙන් දින මනසින් නොදියුණු ගෝත්‍රික ජනතාවක් බවට පත්ව තව දුරටත් පත්වෙමින් සිටින ශ්‍රී ලංකාවේ නවතම මන්ධ බුද්ධික පාලනයක අදෝනාව අසුනේ ඊයේ කන්කාඩු පුනරුත්තාපන මාධ්යස්ථානයෙනි.
එම සිද්ධියත් සමගම එම මධ්‍යස්ථානයේ බොහෝ අකටයුතුකම් එලියට ආවේය. ඔවුන් කුඩු කාරයන් , මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් ලෙස හුවා දක්වමින් පාලනය කල නොහැකි කොටසක් සේ ඉලිප්පීම සදහා විවිද පාර්ශ්වයන් කටයුතු කලද, මෙම වීඩියෝව මගින් එතුල සිදුව තිබෙන දේවල් පැහැදිලිය.
කෙසේ නමුත් මෙම මධ්‍යස්ථානයෙන් මේ වන විට විශාල ප්‍රමාණයක් යහපත් පුරවැසියන් ලෙස සමජයට මුදා හැර තිබේ. අභ්‍යන්තර තොරතුරු සදහන් කරන්නේ මෙම සිද්ධිය ඇතිකළේ වත්මන් යුධ හමුදාධිපති අසමත් කිරීමට බවයි. නමුත් ඒ පිලිබඳව යටින් යම් කුමන්ත්‍රණයක් සිදු වුයේ නම් ඒවාද සොයාබැලිය යුතුය. සමහර විට එය සැබෑම කුමන්ත්‍රණයක් විය හැකිය. ඒ පිලිබදව සොයා බැලීම වත්මන් යුධ හමුදාධිපතිගේ ඉදිරි කටයුතු වලට ප්‍රයෝජනවත් වනු ඇත.
කරුණු කාරනා කෙසේ වෙතත් මේ රැදවියන්ගේ චෝදනා බරපතලය. අප තව දුරටත් මේ පිලිබදව යමක් සටහන් නොකර ඔබට සිතීමට ඉඩ හරිමු.