නයිජීරියාවේ ට්වීටර් තහනම ඉවත් කරයි

නයිජීරියාව තුළ පනවා තිබූ ට්වීටර් භාවිත කිරීමට තිබූ තහනම ඉවත් කර ඇත.

නයිජීරියාව තුළ පසුගිය ජුනි මස සිට මාස 07කාලයක් ට්වීටර් සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර තිබුණි.

ඒ එරට ජනපති මුහම්මදු බුහාරිගේ ප්‍රකාශයක් ට්වීටර් ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ ඇති වූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙනි.

කෙසේ නමුත් ඊයේ (12) දින නයිජීරියානු රජය විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරයාගේ අනුමැතිය අනුව ට්වීටර් තහනම ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

Exit mobile version