නවක වදයෙන් පන්ති තහනම් කරගත් රුහුණු වෛද්‍ය සිසුන් 200

රුහුණු විශ්වවිද්‍යාලයේ පළමු වසරේ වෛද්‍ය පීඨයට ඇතුලත් වූ නවක සිසුන්ට නවක වදය ලබා දීමේ සිද්ධියක්  මුල් කරගනිමින් එම සරසවියේ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සියලුම සිසුන්ට විශ්වවිද්‍යාල පරිපාලනය විසින් පන්ති තහනමක්  පනවා ඇත.

රුහුණු විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සිසුන් 200 කට වැඩි  පිරිසකගේ මෙලෙස පන්ති තහනම් කර ඇති බව වෛද්‍ය පීඨයේ වැඩබලන පීඨාධිපති මහාචාර්ය චන්න යහතුගොඩ මහතා පවසන ලදී.

Exit mobile version