නවගමුව දේවාලය වහයි.

නවගමුව පත්තිනි දේවාල භූමියේ පවත්වාගෙන යන සියලුම දේවාල අද (15) දින සිට 17 වන දින දක්වා වසා දැමීමට කටයුතු කල බවට දේවාලයේ භාරකාරත්වය දරණ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කල්‍යාණි පාර්ශවයේ මහා නායක මල්වානේ පඤ්ඤාසාර හිමියන් පැවසූ බව වාර්තා වේ.

නවගමුව පත්තිනි දේවාලය අසලම නිවසක අවමංගල්‍යක් සිදුවීම නිසාවෙන් මෙලෙස සියලු දේවාල වසා දැමීමට තීරණය කල බවද උන් වහන්සේ පැවසූහ.


ඒ අනුව ඊයේ (14) රාත්‍රි  පූජාවෙන් පසු දේවාල සියල්ල වසා දමා ලබන 17 වන දින අළුයම සිට දේවාලයේ පූජාවන් කටයුතු සුපුරුදු පරිදි සිදු කිරීමට නියමිත බව සදහන්.

Exit mobile version