නවගමුව පත්තිනි දේවාලයේ හොර පිංකැට

නවගමුවේ දේවාලවල මුද්‍රා තැබු පිංකැටවලට අමතරව රහසිගතව තවත් පිංකැට තබා මුදල් රැස්කරන ජාවාරමක් ඇති බැවින් ඒ පිළිබඳව කඩිනමින් සොයා බලන ලෙස නවගමුව සුරැකීමේ සංවිධානය විගණකාධිපතිවරයාට හා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට ලිඛිතව දන්වා යවා ඇත.
එසේම දේවාලවලට පුජාකරන රත්තරන් බඩු ආදිය ගැනද තවමත් නිසි විගණනයක් නැති නිසා දිගින් දිගටම වංචා සිදුවන බවද 2023.11.06 වන දින යවා ඇති එම ලිපිය මගින් අවධාරණය කර ඇත.

එම ලිපිය මෙසේය.

නවගමුව පත්තිනි දේවාලය ඇතුළු මෙම පුදබිමේ ඇති සියළු දේවාලවලින් මාසික ලැබෙන කෝටි ගණනක ආදායම අවභාවිතාවන බව අප විසින් මීට පෙර ඔබතුමාටත් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්තුමාටත් පැමිණිලි කළෙමු.

ඒ අනුව ඔබ කාර්යාලයේ උපදෙස් මත බෞද්ධ කටයුතු කොමසාරිස් කාර්යාලය මගින් නවගමුවේ සියළු පිංකැටවලට මුද්‍රා තබන ලදි.
නමුත් මේ වනවිට එම මුද්‍රාතැබු පිංකැටවලට අමතරව පත්තිනි මහ දේවාලය හැර අනෙක් සියළුම දේවාලවල අමතර පිංකැටයක් තබා රහසේම මුදල් එකතුකරගන්නා බව අපට නිරික්ෂණයවි ඇත..

එම නිසා අප ඉදිරිපත්කරන මෙම පැමිණිල්ල පිළිබඳව වි⁣⁣ශේෂ අවධානය යොමුකර නා කැලේ පත්තිනි දේවාලය, විෂ්ණු දේවාලය,කතරගම දේවාලය,ගම්භාර දේවාලය ඇතුළු සියලුම දේවාලවල මුද්‍රාතැබු පිංකැටවලට අමතරව තවත් පිංකැට තබා මුදල් රැස්කිරිමේ ජාවාරම වලක්වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

එසේම දේවාලවලට ලැබෙන රත්තරන් භාණ්ඩ ආදිය කිසිදු ලේඛනගත කිරිමක් නොකර තවමත් අවභාවිතා වන බවද ⁣ඔබතුමන් වෙත මෙමගින් දැනුම්දි සිටිමු.

Exit mobile version