නවසීලන්තය ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය අද (9) දින ක්‍රයිස්චර්ච් හිදී ආරම්භ විය.
නවසීලන්ත නායකයාගේ ඇරයුමින් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දිනය නිමා වන විට පන්දුවාර 75 ට මුහුණ දී කඩුළු 6 ක් දැවී ලකුණු 305 ක් රැස් කර ගනිමින් යම් ස්ථාවරයකට පැමිණීමට සමත්ව විය.
මෙම තරගයේදී ටෙස්ට් වාර්තා 4 ක් වාර්තා විය.
පළමු වන්න.
විදේශ ක්‍රීඩකයකු නවසීලන්තය තුලදී ලබා ගත් වේගවත්ම ටෙස්ට් අර්ධ ශතකය. ඒ කුසල් මෙන්ඩිස් විසින් පන්දු 40දි ලකුණු 50 ලබාගැනීම.
දෙවැන්න.
ශ්‍රීලංකාව වෙනුවෙන් ආරම්භක පිතිකරුවකු ලබාගත් වැඩිම ටෙස්ට් ලකුණු ප්‍රමාණය ලබා ගැනීම . ඒ දිමුත් කරුණාරත්න විසින් ලකුණු 5980 ක් ලබා ගැනීම.
තුන්වැන්න.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රීඩකයකු ලකුණු 7000 සීමාවට ලගාවීම. ඒ ඇන්ජලෝ මැතිව්ස් එම කඩ ඉම පසුකර ගිය තුන් වන ක්‍රීඩකයා වීම.
සිවුවැන්න.
නව්සිලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් කදඩුළු ලාබියා බිහි වීම. ඒ ටිම් සවුති දිනේෂ් චන්දිමාල්ගේ කඩුල්ල දවා ගැනීමත් සමග නව්සිලන්තයේ වැඩිම ටෙස්ට් කඩුළු ලාබියා වීම.
හෙට තරගයේ දෙවන දිනයයි.