නවසීලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් තරගය- වාර්තා 4ක් සමගින් පළමු දින නිමාව.

 නවසීලන්තය ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය අද (9) දින ක්‍රයිස්චර්ච් හිදී ආරම්භ විය.

නවසීලන්ත නායකයාගේ ඇරයුමින් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දිනය නිමා වන විට පන්දුවාර 75 ට මුහුණ දී කඩුළු 6 ක් දැවී ලකුණු 305 ක් රැස් කර ගනිමින් යම් ස්ථාවරයකට පැමිණීමට සමත්ව විය.

මෙම තරගයේදී ටෙස්ට් වාර්තා 4 ක් වාර්තා විය.

පළමු වන්න.

විදේශ ක්‍රීඩකයකු නවසීලන්තය තුලදී ලබා ගත් වේගවත්ම ටෙස්ට් අර්ධ ශතකය. ඒ කුසල් මෙන්ඩිස් විසින් පන්දු 40දි ලකුණු 50 ලබාගැනීම.

දෙවැන්න.

ශ්‍රීලංකාව වෙනුවෙන් ආරම්භක පිතිකරුවකු ලබාගත් වැඩිම ටෙස්ට් ලකුණු ප්‍රමාණය ලබා ගැනීම . ඒ දිමුත් කරුණාරත්න විසින් ලකුණු 5980 ක් ලබා ගැනීම.  

තුන්වැන්න.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රීඩකයකු ලකුණු 7000 සීමාවට ලගාවීම. ඒ ඇන්ජලෝ මැතිව්ස් එම කඩ ඉම පසුකර ගිය තුන් වන ක්‍රීඩකයා වීම.

සිවුවැන්න.

නව්සිලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් කදඩුළු ලාබියා බිහි වීම. ඒ ටිම් සවුති දිනේෂ් චන්දිමාල්ගේ කඩුල්ල දවා ගැනීමත් සමග නව්සිලන්තයේ වැඩිම ටෙස්ට් කඩුළු ලාබියා වීම.

හෙට තරගයේ දෙවන දිනයයි.

Exit mobile version