නව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙක්.

මහජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමත අවශ්‍ය වන වී,සහල් සහ සීනි ඇතුළු අනෙකුත් පාරිභෝගික ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ධීකරණය සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් වරයෙකු පත් කර ඇත.

මෙම තනතුර සඳහා තේරීපත්වී ඇත්තේ මේජර් ජෙනරාල් එම්.එස්.පී.නිවුල්හැල්ල මහතාය.

ඊයේ (30) දිනයේ දී මීට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබුණි.

Exit mobile version