නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වාරයේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වාරයේ සිට පාසල් සදහා හදුන්වා දීමට කටයුතු කරන බව ජාතික අධ්‍යාපන ආයතන ප්‍රකාශ කළ බව වාර්තා වේ.

මෙම නව විෂය නිර්දේශය යටතේ ඉගැන්වීමේ ක්‍රම සහ විභාග ක්‍රමයේ වෙනස්කම් රැසක් සිදු කරන බවත් එහි නියමු ව්‍යාපෘතිය පාසල් 160 ක ක්‍රියාත්මක කරන බවත් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්‍ය සුනිල් ජයන්ත නවරත්න මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ දැනට පවතින අධ්‍යාපන ක්‍රමයෙන් ප්‍රායෝගික දරුවෙකු නිර්මාණය නොවන බවයි.එමෙන්ම 21 වන සියවසේ වැඩ ලෝකයට ගැලපෙන දරුවෙකු නිර්මාණය කිරීමටත් , විභාග ක්‍රමයෙන් පමණක් දරුවාගේ දැනුම මැනීමේ ක්‍රමය වෙනස් කරන බවත් ඔහු ප්‍රකාශ කළ බව කියයි.

Exit mobile version