නව අයවැයක් ඉදිරිපත් කරබදු ආදායම 15% දක්වා වැඩි කිරීමට සැලසුම්! 2015 රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කිරීම ඓතිහාසික වරදක්!

පවතින ආර්ථික අර්බුදය නිසි ලෙස කළමනාකරණය කර නොගත හොත් දැඩි අර්බුදයකට ඉදිරියේදී මුහුණදීමට සිදු වන බව මුදල් අමාත්‍ය අලී සබ්රි පවසනවා.

2021 වසරේ ශ්‍රී ලංකාවේ සමස්ත ආදායම  බිලියන 1500 ක් බවත් වියදම ලෙස බිලියන 3522 ක් ලෙස සටහන් වූ බවයි මුදල් අමාත්‍යවරයා සඳහන් කළා.

එසේම රටේ බදු ආදායම සියයට 24 සිට විවිධ රජයන් විසින් ක්‍රමක් ක්‍රමයෙන් අඩු කරමින් අද වන විට එම ආදායම සියයට 8.4 දක්වා අඩුවී ඇති බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම, 2015 වසරේදී යහපාලන රජය විසින් රාජ්‍ය සේවක වැටුප් රු.10,000කින් ඉහල දැමීම ඓතිහාසික වරදක් බවට මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා අද(04) පාර්ලිමේන්තුව අමතා සඳහන් කලා.

2021 වසරේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීමට බිලියන 845 ක් වැය කර ඇති අතර ඊට අමතරව විශ්‍රම වැටුප් ගෙවීම ඇතුළු අනෙකුත් කටයුතු සඳහා බිලියන 592 ක් වියදම් කර ඇති බවයි මුදල් අමාත්‍යවරයා ප්‍රකාශක කළා.

2019 අවසන් වන විට බිලියන 7 ක්ව පැවති මෙරට විදේශ සංචිතය අද වන විට මිලියන 50 ක් වත් නොමැති බවත් බදු වැඩි කළ යතු අවස්ථාවක බදු කපා හැරීම ඉතිහාසගත වරදක් බවද ඔහු ප්‍රකාශ කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට ඇතුළත්වීමට මාස 6 ක කාලයක් ගතවනු ඇති අතර එතෙක් මෙරටට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා මේ වන විට රටවල් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවද ඔහු සඳහන් කළා.

එසේම ඉතාමත් ඉක්මනින් නව අයවැයක් ඉදිරිපත් කර ආදයම් බදු සියයට 15 දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බවයි පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මුදල් අමාත්‍ය අලී සබ්රි වැඩිදුරටත් සඳහන් කළා.

Exit mobile version