නව අස්වැසුම අයදුම්පත් කැඳවීම පෙබරවාරි 10 වනදා.

නව අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 4ක් තෝරාගැනීමට අයදුම්පත්‍ර කැඳවීම ලබන 10 වැනිදා ආරම්භ කරන බවට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසා ඇති බව වාර්තා වේ.

රුවන්වැල්ල ප්‍රදේශයේදී ඊයේ (31) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී විවිධ පාර්ශව වලින් ලද යෝජනා අනුව නිර්ණායක සංශෝධනය කිරීමට ද බලපොරොත්තු වන බවයි.

පවුල් තෝරා ගැනීමේ දී සිදුවු නිර්ණායක වලට බර තැබීමේ දී යමෙකුට මෙම වැඩපිළිවෙලට අයදුම් කිරීමට නොහැකි වූයේ නම්, මේ හරහා ඔවුන්ට ද අයදුම් කිරීමට හැකියාව හිමිවේ.

Exit mobile version