නව ආණ්ඩුවට රතු නිවේදන නිකුත් වෙන ලකුණු. හෙට (27) තීරණාත්මක වෙයි.

ශ්‍රී ලංකාවේ පීඩිත ජනතාව පක්ෂ, පාට බේදයකින් තොරවම එකතුව ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවෙන් පලව හැරීමත් සමගම රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා ජනරජයේ නව ජනාධිපති ලෙස පත්වන්නේ පාර්ලිමේතුවේ රහස් චන්දයකිනි. ජානාධිපති ලෙස පත් වී පැය 24 ක් ගත වන්නටත් පෙර ශ්‍රී ලංකාවේ හමුදා සාමකාමී ජනතාවට ම්ලේච්ච ලෙස පහරදුන් ආකාරය ජාත්‍යන්තර ප්‍රජාව සජීවීව නැරඹු අතර එත් සමගම නව ජනාධිපතිට එරෙහිව ජනතාව නැවත නැගී සිටීමක් ඇති විය.

එදිනම රාත්‍රී ගැසට් නිවේදනයක් නිකුත්කරමින් ආරක්ෂක හමුදා කැදවූ අතර එදිනම් රාත්‍රිය අරගලයට සුන්දර නොවීය. ඔවුන් පහර දුන්නේ නිදා සිටි පිරිසකටය. මේ වන විට දේශපාලන පක්ෂ, සංවිධාන, පුද්ගලයන් සියලුම දෙනා මෙන්ම වෘත්තීය සමිතිද නව ජනාධිපතිවරයාට එරෙහිව සංවිධානය වෙමින් සිටී.  ආරක්ෂක හමුදාපතිවරු සහ පොලිස්පතිද “ගිරයට අසු වූ පුවක් ගෙඩියක් සේ” හිරවී සිටින බවක් පෙනෙන්නට තිබේ.

ජනාධිපතිවරයා විසින් පලකරන ලද හදිසිනීති ගැසට්ටුව හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි. එසේම එම නීතිය හෙට සම්මත නොවුනහොත් ආරක්ෂක හමුදාවන්ට නැවතත් කඳවුරුවලින් පිටත රාජකාරි කිරීමට බලය අහිමි වේ.  වාර්තාවන අන්දමට හදිසි නීතිය පරාජය කිරීමට අවශ්‍ය කටයුතු කිරීමට විපක්ෂය සූදානම් වෙමින් සිටි.

එසේ සම්මත නොවුනහොත් නව ආණ්ඩුවද කඩා වැටීම ආරම්භ වන අතර එය වර්තමානයේ අප මුහුණ දී සිටින ගැටලුවලින් මිදීමට නොහැකි තර්ජනයකි. එසේම සාමකාමී අලගලකරුවන්ට පහර දීමෙන් ඇතිකරගත් තත්වය මත දැවැන්ත ලේ වැගිරීමක් කරා ලංකාව ගමන් කල හැකිය. එබැවින් හදිසිනීතිය පැනවීම දරුණු තත්වයක් ඇතිකල හැකිය. එය පරාජය කළහොත් එය රටේ ප්‍රශ්න විසදාගැනීම සදහා තිබෙන විශේෂ අවස්ථාවන් අහිමිව යා හැකිය. ඒ අනුව හෙට (27) හදිසි නීතිය සම්මත වීම හා නොවීමෙන් කියවෙන්නේ “ ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් තෝ නසී” වැනි කතාවකි. තව දුරටත් ශ්‍රී ලංකා හමුදාවේ සේවකයන් ගැටලුවලට ලක්වීමට ඉඩ නොදිය යුතුය.   

Exit mobile version