නව කංසා සංස්ථාවේ සභාපති වසන්ත වැලිඅංග මහතා ද ?

ආචාර්ය වසන්ත වැලිඅංග මහතා  ජේෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග තායිලන්තයේ සිට ONLINE තාක්‍ෂණය ඔස්සේ කරන ලද  සාකච්චාවකදී කංසා නීතිගත කිරීම සම්බන්ධව කරුණු රැසක්  අනාවරණය විය.

මෙවර අයවැය ලේඛනයේ ප්‍රධානතම අංගය පිටුපස සිටින්නේ ඩයනා ගමගේ සහ වසන්ත වැලිඅංග මහතා බව මෙහිදී පවසන ලදී. වසන්ත වැලිඅංග මහතා තායිලන්තයේ  සිටින ලාංකීය ජනතාවගේ උදව් ඇතිව තායිලන්ත රජයෙන්ද අනුමැතිය ලබාගෙන එහි කංසා වගාව ආරම්භ කර තිබෙන බවටද මෙහිදී කරුණු අනාවරණය කරන ලදී.

ලංකාව වැනි දුර්වල  රටකින් කිසිම පරීක්ෂණයක් නොකර නිෂ්පාදනය කරන ලද කංසා දියුනු රටවල්  වලින් මිලදී ගැනීමට අකමැති බව මොහු  විසින් මෙහිදී ප්‍රකාශ කරන ලදී. කංසා හෙවත් ගංජා, ත්‍රෛලෝක විජය පත්‍ර බවට පත් කර ජනපති  විසින් අපනයන කිරීමට සුදුසුද යන්න පරීක්ෂා කර බැලීම සදහා රැගෙන ඒමට ලැබීමද ඔහු ලද ජයග්‍රහණයක් ලෙස ඔහු ප්‍රකාශ කරයි.

මේ සම්බන්දයෙන් සාකච්චා කරන ලද කමිටුවට සමන් ආතාවුද හෙට්ටි විසින් වසන්ත වැලිඅංගට අරාධනා කරන ලදී නමුත් මොහු  පවසා සිටින්නේ නැවත ලංකාවට පැමිණෙන්නේ කංසා වගාව නීතිගත කිරීමට කෙටුම්පතක් සකස් කිරීමට උදව් කිරීමට අවස්තාවක් ලැබුනොත් පමණක් බවයි.

ඩයනා ගමගේ,විජේදාස රාජපක්ෂ,සිසිර ජයකොඩි,චමල්රාජපක්ෂ,යන අය අන්තරයක ඖෂධවේදීන් සහ විද්‍යාත්ඥයින් සමග සම්බන්ද වී කංසා නීතිගත කිරීම සම්බන්දව පවත්වන ලද සාකච්චාවේදී මෙය නීතිගත නොකළ යුතු බව පවසා සිටින ලදී. නමුත් නැවත වසන්ත වැලිඅංග මහතා  සම්බන්ද කරගෙන නැවත කමිටුවක් පත් කිරීමට ඔහු විසින් උත්සහ කරන බව මේ  සාකච්චාවේදී ප්‍රකාශ කරන ලදී.

කංසා භාවිතා කිරිමට ලංකාව තුල සුදුසු ස්ථාන  ස්ථාපිත කිරීම මොහුගේ අරමුණක් බව මෙහිදී ඔහු විසින් ප්‍රකාශ කරන ලදී.”දුම්වැටි පානය නතර කර කංසා පානය වැඩි කරමු” යන අදහසින් දුම්කොළ සංස්ථා දුම්කොළ වගා කරන ප්‍රමාණය අඩු කර කංසා වගා කරන ප්‍රමාණය වැඩි කළ යුතුයැයි මොහු විසින් මෙහිදී ප්‍රකාශ කරන ලදී. ලංකාවේ සියලු ආගම්වාදින්ද අතීතයේ සිටම  මෙම  කංසා වගාව අනුමත කර ඇති බව මෙම සාකච්චාවකදී මොහු විසින් තවදුරටත් අවධාරණය කරන ලදී.

ඉදිරි අවරුදු 3 ඇතුළත ලංකාවේ කංසා වගාව ආරම්භ කර අපනයන කිරීමට ආරම්භ කිරීම මොහුගේ අරමුණ බව ඔහු විසන් ප්‍රකාශ කරන ලදී. එවිට පිටරට වලින් ආනයනය කරනු ලබන රූපලාවන්‍ය කටයුතු සඳහා අවශ්‍ය “පෙට්‍රෝලියම් වයිට්නින්”ද මෙරටින්ම සාදාගත හැකි බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

Exit mobile version