නව ගුවන් සමාගම් 05ක් ශ්‍රී ලංකාව සමග අත්වැල් බැඳගැනීමට සූදානම්

සංචාරක අමාත්‍යංශය ප්‍රකාශ කරන්නේ නව ගුවන් සමාගම් 05ක් ඉදිරි මාස දෙකක තුළ දී ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් ඇරඹීමට සූදානම් බවයි.

මෙලෙස මෙම නව සමාගම් මෙරට සමග ගුවන් සේවා ඇරඹීමට තීරණය කර ඇත්තේ සංචාරක කර්මාන්තය දියුණු කිරිම සඳහා අන්තර්ජාතික මට්ටමින් කරන ලද සාක්ඡාවල ප්‍රතිඵලයක් වශයෙනි.

ඒ අනුව ස්විස්ටර්ලන්තයේ එඩ්ල් වයිස් ගුවන් සමාගම, රුසියාවේ එයාරෝ ෆ්ලොට් ගුවන් සේවය සහ ප්‍රංශයේ එයාර් ෆ්‍රාන්ස් ගුවන් සමාගම සමග නොවැම්බර් පළමුවනදා සිට ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතව ඇත.

එසේම , රුසියාවේ එයාර් අසූර් ගුවන් සේවය මෙන්ම ඉතාලියේ නියෝස් එයාර් ගුවන් සමාගම එළඹෙන දෙසැම්බර් මස පළමු සතියේ සිට ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතව ඇති බවයි සංචාරක අමාත්‍යංශය සඳහන් කළේ.

Exit mobile version