නව ත්‍රස්ත විරෝදී පනතට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමෙන් බරපතල විරෝධයක්.

ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට සූදානම් වන ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය බරපතල විරෝධයක් එල්ල කර ඇත.

එම කෙටුම්පත, මීට පෙර ඉදිරිපත් කරන ලද දරුණු ප්‍රතිපාදන ඇතුළත් කෙටුම්පත්වලින් කිසිදු ආකාරයකින් වෙනස් නොවන බවද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්ගේ ප්‍රකාශක රවීනා ෂම්දාසනි නිවේදනයක් නිකුත් කරමින් පෙන්වාදී ඇත.

පහතින් දැක්වෙන්නේ එම නිවේදනයයි.

“කුරිරු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට දැනට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සලකා බලමින් පවතින සංශෝධිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව අපි දැඩි අවධානය යොමු කරමු.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අවලංගු කිරීම ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ආරක්ෂාව සඳහා වන ප්‍රවේශයේ අර්ථවත් ප්‍රතිසංස්කරණයක් සඳහා හැරවුම් ලක්ෂ්‍යයක් විය යුතු නමුත්, මෙම යෝජිත නීතිය ඔස්සේ, ඒ වෙනුවට අතීතයේ සිට උල්ලංඝණ රටා පවත්වාගෙන යෑමේ අවදානමක් ඇත.

මෙම යෝජිත නීතිය පුලුල්ව එල්ලවුණු විවේචනවලින් පසුව ඉවත් කරන ලද පෙර කෙටුම්පත්වලට සැළකිව යුතු ලෙස සමාන වේ.

එය “ත්‍රස්තවාදයේ” ක්‍රියාවන් ඕනෑවට වඩා පුළුල් ලෙස නිර්වචනය කරයි, විශේෂයෙන් රැඳවුම් නියෝගවල නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක් කිරීම සම්බන්ධයෙන් අධිකරණ ඇපකරවල විෂය පථය සීමාකරයි.

එසේම අනෙකුත් ගැටළු සහගත විධිවිධාන අතර රැඳවුම් ස්ථාන නැරඹීමට මානව හිමිකම් කොමිසමට ඇති හැකියාව සීමාකරයි.

පනත් කෙටුම්පත එහි වර්තමාන ස්වරූපයෙන් සම්මත වුවහොත්, එවැනි බලතල අනිසි ලෙස භාවිත කිරීමට එරෙහිව සීමිත හෝ ආරක්ෂාවක් නොමැතිව, අයිතිවාසිකම් සීමා කිරීමට විධායකයට අධික බලතල ලබාදෙනු ඇත.

එය වරෙන්තු නොමැතිව පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශවලට අවශ්‍ය නීතිමය පදනම දුර්වල කරනු ඇත. එය තවදුරටත් දීර්ඝ ලෙස, නඩු විභාගයට පෙර රඳවා තබාගැනීමට අවසර දෙනු ඇත.

පනත් කෙටුම්පත සැලකිය යුතු ලෙස සංශෝධනය කර, එය ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික මානව හිමිකම් බැඳීම් සමඟ සම්පුර්ණයෙන්ම අනුකූල වන ලෙස සිවිල් සමාජය සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ අර්ථවත් ලෙස සම්බන්ධ වන ලෙස අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.” (ceylonwire)

Exit mobile version