අති උතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ සඳහන් කරන්නේ ඉතාලියේ වාර්ෂික නව දරු උපත් ගණන යම් මට්ටමක අඩුවීමක් පෙන්නුම් කරන බවත් මෙනිසා ඉතාලියේ අනාගතයට ද විශාල බලපෑමක් ඇති විය හැකි බවයි.
උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ වර්තමානය වන විට බොහෝ පිරිසයට දරුවෙක් ලබා ගැනීමට ඇති කැමැත්ත නැතිව ගොස් ඇති බවයි.
2020 වසරේදී එරට නව උපත් අඩුම ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර ඒ උපත් 1861ක් ලෙසයි.
ඒ අනුව පසුගිය වසර 12 පුරාවට එරට තුළ සිදුවන නව උපත්වල අඩුවීමක් දක්නට ලැබෙන බව ද සංඛ්‍යාලේඛන කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත.
එමෙන් ම ඉතාලියේ වර්තමාන ජනගහනය මිලියන 59.3ක් වන අතර පසුගිය වසරේ දී එරට නව උපත් 404,892ක් සිදුව ඇත.
එය 2019 වර්ෂයට සාපේක්ෂව 15,192 කින් අඩුවීමක් වන අතර 2020 වසරේ දී වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 746,146ක් ලෙස දක්වා ඇත.