හෝමාගම පැළෑටි වෛරස් සුචිගත කිරීමේ මධ්‍යස්ථානය මඟින් සිදුකරන ලද පර්යේෂණයකින් අනතුරුව ශ්‍රී ලංකාවේ වගාකිරීම සඳහා සුදුසු නව දෙළුම් ප්‍රභේද දෙකක් හඳුන්වාදුන් බවට කෘෂිකර්ම අමාත්‍යාංශය පවසා ඇති බව වාර්තා වේ.
එම ප්‍රභේද දෙක ‘මලී පින්ක් (Malee Pink)’ සහ ‘ලංකා රෙඩ් (Lanka Red)’ ලෙස නම්කර තිබේ.
නව දෙළුම් ප්‍රභේද දෙක අද(24) කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර විසින් වගාකිරීම සඳහා ගොවීන් වෙත භාරදෙන ලදී.
දෙළුම් ගසක ආයු කාලය වසර 30 ඉක්මවීමත්, වසරකට දෙළුම් කිලෝග්‍රෑම් 20-25ත් අතර ප්‍රමාණයක් එක් ගසකින් නෙළාගත හැකිවීමත් මෙම නව ප්‍රභේද දෙකෙහි විශේෂත්වය වේ.
අක්කරයකට ගස් 400ක් සිටුවිය හැකි අතර, එමඟින් අක්කරයකට රුපියල් මිලියන අටක වාර්ෂික ආදායමක් ලබාගත හැකි බවට ඇමැතිවරයා සඳහන් කර තිබේ.
මෙම දෙළුම් වර්ග දෙක වියළි කලාපයේ වගා කිරීමට සුදුසු වන අතර, දැනට ආනයනය කරන රතු දෙළුම් ප්‍රභේදවලට විකල්පයක් ලෙස මෙම දෙළුම් වර්ග භාවිත කළ හැකිය.
එසේම, දෙළුම් ආනයන වියදම මෙමගින් අඩුකර ගත හැකි බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.