නව නාවික හමුදාපතිවරයා ආරක්‍ෂක ලේකම් හමුවෙයි

අභිනවයෙන් පත් වූ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ඊයේ (දෙසැම්බර් 19) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේහි පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්ෂක ලේකම් ‌ජෙනරල් කමල් ගුණරත්න හමුවිය. 

උණුසුම් පිළිගැනීමකින් අනතුරුව පැවති සුහද සාකච්ඡාවේදී ආරක්‍ෂක ලේකම් විසින් වයිස් අද්මිරාල් පෙරේරාගේ නව පත්වීම පිළිබඳව සිය සුභ පැතුම්  පිරිනැමීය.   

මෙම අවස්ථාව සනිටුවන් කරමින් ආරක්ෂක ලේකම්වරයා සහ නව නාවික හමුදාපතිවරයා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්, 25 වැනි නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් පෙරේරා පසුගිය දෙසැ. 18 වන දින පත් කරන ලදි. 

Exit mobile version