කොවිඩ් නව ප්‍රභේදය වන ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය තුළ “s” ජානය ආශ්‍රිතව විකෘතිතා 30ක් පමණ දක්නට ලැබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්යක්ෂ, ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරයි.
මෙම ප්‍රභේදයෙන් ආරක්ෂාවීමට බූස්ටර් එන්නත් මාත්‍රාවත් අනිවාර්යයෙන් ගත යුතු බවත්, ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් අවධානයෙන් කටයුතු කළ යුතු බවත් වෛද්‍ය ජීවන්දර මහතා මෙහි දී අවධාරණය කර ඇත.
මෙම වෛරස් ප්‍රභේදය හඳුනාගැනීම සඳහා අවශ්‍යකරන පරීක්ෂණාගාර පහසුකම් ද ශ්‍රී ලංකාව සතුව ඇති බව ද ඔහු පෙනන්වා දී ඇත.
විශේෂයෙන් මෙම ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය මේ වනවිට හොංකොං සහ බෙල්ජියම යන රටවලින් ද හඳුනාගෙන ඇති බවත් ,මෙම ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදයට සාපේක්ෂව පැතිරීයාමේ වේගය 500%ක් පමණ බවත් වෛරස් ප්‍රභේද විදෙස් විශේෂඥයින් පෙන්වා දී ඇත.
මෙම වෛරස් ප්‍රභේදය සම්බන්ධයෙන් දකුණු අප්‍රිකානු විශේෂඥයින් සඳහන් කරන්නේ එහි විකෘතිතා 50ක් පමණ ඇති බවත් ,ඉන් ස්පයික් ප්‍රෝටීනවල පමණක් විකෘතිතා 32ක් පෙන්නුම් කරන බවත් ය.
මෙම ස්පයික් ප්‍රෝටීනවල පවතින විකෘතිතා මගින් එන්නත්වල ඵලදායීතාවය 40%ක් අඩු කරන බවත් මේ හේතුවෙන් මෙම වෛරසය එන්නත්වලට ප්‍රතිරෝධීව ක්‍රියාකරන බවක් පෙන්නුම් කරන බව ද මූලික අධ්‍යයනයන්ගෙන් අනාවරණය වී ඇත.