නව පොලිස්පති ජනපතිව හමුවෙයි.

නව පොලිස්පති දේශබන්දු ටී. එම්. ඩබ්ලිව්. ඩී. තෙන්නකෝන් මහතා අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඇති බව වාර්තා වේ.

මෙරට 36 වන පොලිස්පතිවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව දේශබන්දු තෙන්නකෝන් මහතා මෙලෙස ජනාධිපතිවරයා හමුවී තිබේ.

නව පොලිස්පතිවරයා වෙත සිය සුබපැතුම් පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔහු සමඟ සුහද කථාබහක නිරතවූ බවට ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

නව පොලිස්පතිවරයා විසින් සාම්ප්‍රදායානුකූලව ජනාධිපතිවරයා වෙත සමරු තිළිණ පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරුණි.

Exit mobile version