නව පොලිස්පති ලෙස දේශබන්ධු තෙන්නකෝන් පත් කර පොලිස්පති ඉවත්කිරීමට අවධානය – තවත් විනාශයක ආරම්භයක්.

පොලිස් දෙපාර්තමේන්තුව මගින් සිදු විය යුතු නීතිමය ක්‍රියාමාර්ගයන් නොගැනීම හේතුවෙන් දැඩි ලෙස චෝදනා එල්ල වන්නේ පොලිස්පතිවරයාටය. නමුත් පොලිස්පති හිර වී තිබෙන්නේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බව නීතිය සහ රාජ්‍ය පරිපාලනය ගැන උගතුන් මෙන්ම සාමාන්‍ය බුද්ධියක් ඇත්තෝද වටහාගෙන තිබේ.

20 වැනි ආණ්ඩුක්‍රම නීතිය ක්‍රියාත්මක වීමේ භයානක තත්වය මේ වන විටත් අප අත් විදිමින් සිටිති. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින් විධායක ජනාධිපතිගේ බලය සියලුම රාජ්‍ය නිලධාරීන්ට ලැබී තිබේ. පොලිස් ස්ථානාධිපතිටද ලැබේ. කිසිවෙකුගේ විමසීමකින් තොරව ඕනෑම පුද්ගලයෙකු පත් කිරීමේ සහ ඉවත් කිරීමේ බලයද ජනාධිපති සතු වන අතර පාර්ලිමේන්තුව රූකඩයක් බවට පත් විය. නව අගමැතිවරයෙක් පත් වුවත් පවතින ප්‍රශ්නවලට වගකිව යුත්තේ ජනාධිපති වේ.

මේ සියල්ලම මෙසේ සිදුවෙද්දී පසුගිය මාර්තු 31 සිට මේ දක්වාම සිදු වූ සියලුම ක්‍රියාදාමයන් සදහා වගකිව යුත්තා ලෙස පොලිස්පතිවරයාට ඇගිල්ල දිගු වෙමින් තිබේ. නමුත් ඒවා සඳහා ප්‍රථමයෙන්ම වග කිව යුත්තේ රාජකාරීන් නිසි ලෙස ඉටු නොකළ පොලිස් නිලධාරින්ය. දැන් තිබෙන තත්වය අනුව පොලිස්පති යනු තවත් “ රූකඩයකි”. දේශපාලනය සහ ආණ්ඩුක්‍රම නීතිය මගින් නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය පොලිස්පතිවරයාට අහිමි කර තිබේ. ජනාධිපතිවරයා දෙන නියෝග අනුව කටයුතු කිරීමට ඔහුට සිදුව තිබේ. නීතිමය වශයෙන් ඔහුට ක්‍රියාත්මක විය නොහැක්කේ එම නිසා බවද පැහැදිලිය.

නමුත් පොලිස්පතිවරයාට එරෙහිව ජනමතයක් ගොඩනගමින් ඔහුව ඉවත් කිරීමට අවශ්‍ය කටයුතුද සිදුවන්නේ දිය යටින් ගින්දර ගෙනියන්නා සේය. ආරංචි මාර්ග පවසන ආකාරයට වර්තමාන පොලිස්පති ඉවත් කර ඒ වෙනුවට දේශබන්ධු තෙන්නකෝන් මහතා පත් කිරීම බොහෝ විට නුදුරේදීම සිදු විය හැකිය.

රාවණා සටහන

දේශබන්ධු තෙන්නකෝන් මහතා එසේ පත් වුවහොත් පසුගිය 9 වැනි දින සිදු වුවාට වඩා තවත් දැවැන්ත විනාශ ගනනාවක් සිදුවිය හැකි අතර එසේ කිරීමට යමෙකු කටයුතු කරන්නෙන් නම් විනාශය සිදුවන්නේ කෙසේද යන්නද අවධානය යොමු කල යුතුය. මහජනතාව සිටින පීඩාව, කේන්තිය කොතරම්ද යන්න හඳුනා ගැනීමට ජානාධිපති හෝ වගකිව යුතු අනෙකුත් පුද්ගලයන් තවමත් කටයුතු කර නැත. ජනාධිපතිවරයාගේ මෙන්ම පොහොට්ටු පක්ෂයේ සහ අනෙකුත් සියලුම දේශපාලන පක්ෂවල ජනතා නියෝජිතයන්ගේ මෙන්ම මහජනතාවගේද අනාගත ආරක්ෂාව වෙනුවෙන්, ජනාධිපතිතුමා ඇතුළු අනෙකුත් දේශපාලන නියෝජිතයන්ගෙන් අප ඉල්ලා සිටින්නේ වෙස් වලාගෙන ජනතාව අතරට පැමිණ ගවේශනයක යෙදෙන ලෙසයි. එවිට ඔබට සියල්ලම තේරෙනු ඇත. මේ යන්නේ තවත් දැවැන්ත විනාශයක් කරා බව.

Exit mobile version