නව පොලිස් ස්ථාන දෙකක් විවෘත කෙරේ

සෞභාග්‍යයේ දැක්ම රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව නව පොලිස ස්ථාන ආරම්භ කිරීමේ වැඩසටහන යටතේ බස්නාහිර පළාත තුළ පිහිටුවීමට නියමිත පොලිස් ස්ථාන 27න් 12 වන ස්ථානයේ ඇති නව පොලිස් ස්ථානය ලෙස දංඕවිට පොලිස් ස්ථානයත්, 13 වන නව පොලිස් ස්ථානය ලෙස නාල්ල පොලිස් ස්ථානයත් ඊයේ (11) දිනයේ දී විවෘත කර ඇත.

ඒ මහජන ආරක්ෂාව පිළිබද ගරු අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙනි.

මෙම නව පොලිස් ස්ථාන ස්ථාපනය කර ඇත්තේ ග්‍රාම නිලධාරී වසම් 80ක් අයත් මීරිගම පොලිස් වසමේ පරිපාලනය විමධ්‍යගත කරමින් දංඕවිට පොලිස් ස්ථානය සදහා ග්‍රාම නිලධාරී වසම් 10ක් ද ,නාල්ල පොලිස් වසම සදහා ග්‍රාම නිලධාරී වසම් 10ක් ද වන පරිදි නව පොලිස් ස්ථාන ස්ථාපනය කර ඇත.

Exit mobile version