නව වසරේ ජනතාවගේ පඩියෙන් කැපෙන බදු එළිදැක්වේ.

2023 වර්ෂයේ ජනවාරි මස සිට ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික අංශවල සේවයේ නියුතු පිරිසගෙන් අය කෙරෙන බදු මුදල කොපමණද යන්න ගණනය කර නිකුත් කර තිබේ.

එම ගණනය කිරීමට අනුව මාසික ආදායම රු.1,000,000 ක් නම් නව වසරේ සිට රු.286,500ක් අය වනු ඇත.

මෙම අයකිරීම 2018 – 2019 වර්ෂයට සාපේක්ෂව අය වූ රු.186,000 ක බදු මුදල රු.90,000 කින් ඉහළ යාමක් ලෙස දැක්වේ.

ඒ අනුව සඳහන් වන්නේ තම වැටුප රු.750,000ක් නම් සිය බදු මුදල පෙර වර්ෂයන්ට සාපේක්ෂව රු.45000කින් ඉහළ ගොස් එය රු.196,500ක් දක්වා අය වීමේ ප්‍රතිශතයක් දක්වා පැමිණ තිබේ.

එමෙන්ම තම වැටුප රු.ලක්ෂයක් වේ නම් කිසිදු බදු මුදලක් අය නොකිරීමට කටයුතු කිරීම ද විශේෂත්වයකි.අදාළ සම්පූර්ණ විස්තරය පහතින්.

Exit mobile version